ඊයේ ඩොලරය රු. 355 යි

149

මෙරට වාණිජ බැංකු විසින් ප්‍රකාශයට පත් කරන දෛනික විනිමය අනුපාත අගයන් අනුව ඊයේ (27 දා) ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 355 ක් පමණ දක්වා ඉහළ ගියේය.

මේ අතර එන්ඩීබී බැංකුවේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 360 ක් ලෙසද සටහන්ව තිබිණි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන නිල විනිමය අනුපාත අගයක් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඉතිහාසයේ ප්‍රථම වතාවට රු. 350 ඉක්මවා ගොස් රු. 350.49 ක් දක්වා ඉහළ ගියේය.

පෙරේදා (26 දා) ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු.346.49 ක් විය. මේ අනුව ඊයේ දිනයේදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 4.00 කින් ඉහළ ගොස් තිබේ.

එසේම ඇමෙරිකානු ඩොලරයක ගැනුම් අගය පෙරේදා පැවැති රු. 333.88 සිට ඊයේ දිනයේදී 337.82 දක්වාද වර්ධනය වී තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment