ජාතික රෝහලේ හදිසි අනතුරු විකිරණ පරීක්‍ෂණ නවතී

81

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ක්‍රියාත්මකව පැවැති එකම විකිරණ යන්ත්‍රයද බිඳ වැටීමෙන් රෝගීන්ගේ විකිරණ පරීක්‍ෂණ සම්පූර්ණයෙන්ම ඇන හිට තිබේ.

කොළඹ ජාතික රෝහලේ විකිරණ පරීක්‍ෂණ යන්ත්‍ර දෙකක් පැවැති අතර දෙමසක සිට එහි ප්‍රධාන යන්ත්‍රය බිඳ වැටී තිබිණි.

එම විකිරණ යන්ත්‍රය බිඳ වැටීමෙන් පසු දෙවන විකිරණ යන්ත්‍රයෙන් පරීක්‍ෂණ සිදුකරගෙන ගිය අතර, ප්‍රධාන විකිරණ යන්ත්‍රයෙන් ඉතා දියුණු තාක්‍ෂණය ඔස්සේ කෙටි කාලයකින් පරීක්‍ෂණ වාර්තා ලබාගෙන ශල්‍යාගාර වෙත සහ වෛiවරුන් වෙත යොමු කිරීමේ හැකියාව පැවැති බව රජයේ විකිරණ විiා තාක්‍ෂණවේදීන්ගේ සංගමය පවසයි.

ක්‍රියාකාරීව පැවැති දෙවන විකිරණ යන්ත්‍රයද මෙලෙස බිඳ වැටීම නිසා හදිසි අනතුරුවලට ලක්ව රෝහල්ගත වන රෝගීන් විකිරණ පරීක්‍ෂණ සඳහා රෝහලේ වෙනත් ඒකකයක් වෙත රැගෙන යෑමෙන් රෝගීන් සහ රෝහල් කාර්යමණ්ඩලයද දැඩි අපහසුතාවට පත්ව ඇතැයි එම සංගමය පවසයි.

පසුගිය සතියේ බිඳ වැටීමට ලක්වූ මෙම විකිරණ යන්ත්‍රය බිඳවැටීම පිළිබඳව වගකිවයුතු අංශ දැනුවත් කර ඇතත් මේ දක්වා එය යථාවත් කිරීමට කටයුතු කර නැතැයි, රජයේ විකිරණ විiා තාක්‍ෂණවේදීන්ගේ සංගමයේ සභාපති, චානක ධර්මවික්‍රම මහතා සඳහන් කරයි.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment