ජේසු උපන්නේ ගව මඩුවේද? ගෙදරද?

219

මේ දිනවල නවක වද ගැටලු නිසා සරසවි වසා ඇති බැවින් පොඩිපුතා ගෙදරට කොටු වී සිටී. ඔහු කොහේදෝ සිට පැමිණ ගෙදරට ගොඩවදින විට රූපවාහිනියේ නත්තල් ගීතයක් විකාශය වෙමින් තිබිණි.

“බෙත්ලෙහෙම්පුරේ දිලිඳු ගවලෙනේ
ඔරුව තුළේ සිසිලෙ නිදයි
ජේසු බිලින්දා

ජේසු උපන්නේ ගවලෙනකයැ කියමින් පොඩි පුතා රූපවාහිනි නාලිකාව වෙනස් කළේය.

කලකට පෙර ඒ බෙල්ලෙහෙමේ
ශුද්ධවූ නගරේ
ජේසු මෙලොවට බිහි වුණේ
පුංචි ගවමඩුවේ

එම නාලිකාවේද ධර්මරත්න සහෝදරයන්ගේ ජනප්‍රිය නත්තල් ගීතය පොඩි පුතා රූපවාහිනිය වසා දැමුවේය.

ඇයි පුතා ඒ නත්තල් සිංදු නතර කළේ අත්තම්මා පොඩි එකා අසලට ආවාය.

අත්තම්මේ ජේසු උපන්නේ ගෙදරක ගවමඩුවක නෙමේ,

කට තිබුණ පලියට වස්වදින කතා කියන්න එපා අත්තම්මා නෝක්කාඩුවෙන් ගෙතුළට වැදුණාය.

ඇත්තටම ජේසු උපන්නේ ගවමඩුවක නොවේද? ගෙදරකද? කොලුවා වරද්දාගෙන තිබුණේ මතෙව් සුභාරංචියේ සඳහනකි.

ඔවුහු ගෙට පිවිස ළඳරුවා සිය මව වූ මරියතුමිය සමග සිටිනු දැක පසඟ පිහිටුවා වැද සිය කරඬු ඇර රන්ද තැවරලා ද ගන්ධ රසද යන පඬුරු උන්වහන්සේට පිදූහ. (මතෙව් 2-11) මතෙව් සුභාරංචියේ සඳහන් වන්නේ ශාස්ත්‍රවන්තයන් ගවමඩුවට පිවිසි බව නොව ගෙට පිවිසි බවය.

සුවිශේෂකවරුන් හතර දෙනාගෙන් ජේසු උපත සඳහන් කරන්නේ සුවිශේෂක ශුද්ධවර මතෙව් තුමා හා ලුක් තුමා පමණි. මේ දෙදෙනාම ජේසුතුමා බෙත්ලෙහෙමේ උපන් බව පිළිගනිති. ඒ අනුව ජේසු සමිඳුන් දාවිත්ගේ පරපුරෙන් පැමිණෙන මෙසියස්තුමා බව අවධාරණය කෙරේ.

එහෙත් සුවිශේෂක ශුද්ධවර ලුක් තුමා ජේසු සමිඳුන් බෙත්ලෙහෙමේ උපන් බව පමණක් නොව බෙත්ලෙහෙම් ගව මඩුවක උපන් බවද සඳහන් කරයි. “ඈ කුළුදුල් පුත්‍රයා බිහිකොට රෙදිවලින් ඔතා තානායමෙහි ඉඩකඩ නොතිබුණ බැවින් ගව ඔරුවක බෑවුවාය.” (ලුක් 2:7) ගව ඔරුව, ගවයන්ට කෑමදෙන භාජනය, එය ඇත්තේ ගව මඩුවෙහිය. එසේම මතෙව් තුමා ශුද්ධවූ පවුල බෙත්ලෙහෙමට පැමිණි හේතුව සඳහන් කර නොතිබුණද ලුක්තුමා සංගණනයට පැමිණි ඔවුන් ඒ මහා ජන සන්නිපාතය නිසා තානායම්වල ඉඩකඩ ලබාගත නොහැකිව ගවයන් ලගින මඩුවක නවාතැන් ගෙන එහිදී ජේසු උපත සිදුවූ බව ප්‍රකාශ කරයි.

● කැලිස්ටස් ජයමාන්න

ජේසු උපන්නේ ගව මඩුවේද? ගෙදරද?
advertistmentadvertistment
advertistmentadvertistment