දෙවිඳු උපන්නේය…, සතුනි දෙවිඳු උපන්නේය

86

කිතුනු සමිඳුන් උපන් ගවහල නොදකින කිතුනුවනේ
කිතුනු ලෝකය ගවහලෙන් ඈත් වෙලාද

කිතුදහමේ, සැබෑ පරම සත්‍යයේ ජනගතවී ඇත්තේ බෙත්ලෙහෙම් ගවහලේය. නමුත් ඒ පරම සත්‍යය දැන හෝ නොදැන හෝ කිතුදහම තවම ගවහලට සංවේදී වී තිබේද ගවයන් ලගින ගවහල සමාජයේ අන්ත දිළින්ඳන්වූ සමාජයෙන් කොන්කළ එඩේරු, අහිංසක ගවයන්, බැටළුවන් පිරිවරාගෙන වශ්වය මවා වදාළ විශ්වයේ මහා මිදුම්කාර රාජ්‍ය නායකයාණන්ගේ පුත්‍රයානන් වූ කිතු සමිඳුන් ලොව ජනිතවීමට තෝරා ගත්තේ ඇයි.

කිතු සමිඳුන්ගේ මනු උපතේ මංගල පණිවුඩය ජනගත කළේ කාටද? ගවයන්ට තණ කවා වෙහෙසී මිටියාවතේ නිදාසිටි දුගී එඩේරුන් අවදිකරවා ස්වර්ගයෙන් පැමිණි දේව දූතයන් ඒ උත්තරීතර ප්‍රේමයේ හා සාමයේ පණිවුඩය ප්‍රකාශ කළේය. මේ සියලු සිද්ධීන් තුළින් දෙවිඳුන් විශ්වයට දුන් විමුක්ති පණිවුඩය සිදුවූයේ කුමක්ද? එම විමුක්ති පණිවුඩය ඔස්සේ සභාව දේව වචනයෙන් දේව ජනතාව බලගන්වා සන්නද්ධ කර ඇද්ද? නැත. නත්තල් රාත්‍රියේ සුරලොවින් ජනගත කරන ලද සාමයේ හා ප්‍රේමයේ පණිවුඩය විකෘති කළේ කව්ද? පීඩිත පංතිය නියෝජනය කරමින් උපත ලද ප්‍රේමයේ ක්‍රිස්තු රජාණන් පිළිගැනීමට සමස්ත කිතුනු ලෝකයම පසුගාමී වී ඇති බව රෝම සභාව පිහිටවූ දා පටන් මෙතෙක් ජනගත වූ දහම් මත දෙස විමර්ශනාත්මකව බලන විට පැහැදිලිව පෙනී යන්නේය.

● ජෝ. සංගපාල ආරච්චි – පමුණුගම

advertistmentadvertistment
advertistmentadvertistment