කටුනායක ගුවන්තොටුපළේ පරිගණක පද්ධතිය අක්‍රීය වෙයි – මගීහු කුපිත වී යකා නටති

674

කටුනායක ගුවන්තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය 26 දින දහවල් 11ග30 පමණ සිට අක්‍රීය වීමත් සමග විදෙස්ගතවීමට පැමිණි දහස් සංඛාත ගුවන් මගීන් පිරිසක් කටුනායක ගුවන්තොටුපළ තුළ කුපිත වී සිටින බවට තොරතුරු වාර්තා වේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව මෙම පරිගණක පද්ධතිය පෞද්ගලික අංශයේ සමාගම් කීපයක් විසින් සකස් කර පවත්වා ගෙන යනු ලබන අතරල නිසි නඩත්තු කිරීමක් නොමැති නිසා මාසයකට කීප වරක් මේ ආකාරයට අක්‍රීය වන බව ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයකු පැවසීය.

එසේම ජාත්‍යන්තර ඉන්ටර්පෝල් පොලිසිය සමග මෙම පරිගණක පද්ධතිය ඒකාබද්ධ කර පවතින අතර එහි මන්දගාමී වීමක් ද කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය අඩපණ වීමට හේතු වන බව ද එම ප්‍රකාශකවරයා පැවසීය.

26 දින දහවල් 12ග20 පමණ වනවිට ක්‍රමයෙන් මෙම පරිගණක පද්ධතිය යළිත් සක්‍රීය වෙමින් පවතින අතරල ගුවන් තොටුපළ තුළ පවතින අධික මගී තදබදය මදක් ලිහිල් වෙමින් පවතින බව ද එම ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය,

26 දින දහවල් කටුනායක ගුවන් තොටුපළෙන් ලෝකයේ විවිධ රටවල ගමනාන්ත කරා පිටත්වවීමට සහ එවැනි ගමනාන්තවල සිට ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් තිබෙන ගුවන් යානා රාශියක් මේ නිසා බලපෑමට ලක් විය හැකි බවට එම ප්‍රකාශකවරයා අනතුරු ඇඟවීමක් ද සිදු කළේය’
කටුනායක – ටී කේ ජී කපිල

advertistmentadvertistment
advertistmentadvertistment