සිතූ පැතූ දෑ ඉටුවෙන්නට ගම්බාර අප්පච්චිට පහනක් තබමු

811

දුදනන්ට මාරයකු මෙන් කෲරවත්, සුදනන්ට පියකු මෙන් සෙනෙහෙවන්තවත් වන සූනියන් දේවතාවා හොඳට නරකට දෙකටම පිහිට වන දෙවියෙකි. යහපත් වේශයෙන් ගම්බාර සූනියන් දේවතාවා ලෙස ද, රෞද්‍ර වේශයෙන් සූනියන් යක්‍ෂයා හෙවත් ඔඩ්ඩි යක්‍ෂයා ලෙස ද පෙනී සිටියි. මුළු ලක්දිවටම බැල්ම හෙළන ප්‍රාදේශීයව විවිධ

නාමයන්ගෙන් පෙනී සිටින දෙවියෙකි. ලක්දිව සෑම ගමක් දෙවොලක් පාසා උන්වහන්සේගේ අනුහස් ඇත. ‘ඔඩ්ඩි කුමරු’ යනු උන්වහන්සේගේ පූර්ව ආත්මභාවයේ නමකි.

පැරැන්නන් උන්වහන්සේට ඔඩ්ඩි මස්සිනා, ගම්බාර අප්පච්චී යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ එතුමා ඉතා කිට්ටුවෙන් හිඳ පිහිටවන බැවිනි. ලක්දිව බොහෝ ශාස්ත්‍රඥයන් පේන ආදී කටයුතු කරන්නේ සූනියන් දේවතා ආවේශයෙනි. ඇදුරුතුමන්ලා හා පැරැන්නන් ද සූනියන් දේවතාවුන් වහන්සේට කෙම්මුර දිනවලත්, දෛනිකවත් පහන් පැලක් තනා වෙනම පහනක් තබති. පංචශීල ප්‍රතිපත්තිගරුක ශ්‍රද්ධාවන්තයන්ගේ පියවි ඇසට පේන්ටම උන්වහන්සේ නිල් අසුපිටින් ගමන් කරයි.

සූනියන් දෙවියන්ට දිවා රාත්‍රී භේදයකින් තොරව 10.00 සිට 10.24 දක්වාත්, සූනියන් යකාට 6.48 සිට 7.12 දක්වාත් කාලය තුළ මල්, පැන් පුදා කපුරු, සුවඳකූරු,පහන් දල්වා පහත සූනියන් දේව ස්තෝත්‍ර වලින් නමස්කාර කොට කට්ටකුමන්ජල් දුම් ඇල්ලීම මගින් සූනියන් දේව ආකර්ෂණය පිහිට නිතැතින්ම ලැබේ.

  1. ශිවමස්තු නමො රාමඃ
    ඛන්ධසේනා සමාගමඃ
    වඩිගතන්ත්‍ර මණිකණ්ඨඃ
    ඔඩ්ඩි මංගල නමො නමඃ

  2. අග්නික්කන්‍ධංච හස්තේන
    හස්තේන වඩිග කර්ගනෙ
    මුඛේන විෂ සර්පේන
    ශීර්ෂෝ පංච කෙශකේ
  3. උදරේ නාග බන්දාමී
    නීලොත්තුරඟ වාහනා
    සූනියන් දේවතා නාම
    මහියන්‍දි පාදකේ නමෝ

(3 වරයි)

කෙටි සූනියන් දේව කන්නලව්වක්

පස්වාන් දහසකට මුළු කල්ප දහසකට අනන්ත කල්පයන්ට උප ශාන්ත ගුණෝපලක්‍ෂිත සුභ ්‍රවර්ණ වස්ත්‍රාභරණයෙන් දිලිසි දිලිසී ශ්‍රී ලංකා ධරණීතලය අතුරු සිදුරු නොමැතිව පතර තෙද බල පා නිතර ගමනය කරමින් ගම් කොරටු බාරව සකල නර සත්ත්වයන්ගේ පූජෝපහාරයන්ට දිවස් හෙලා ඔඩ්ඩිස නමින් යුත් අතිභයංකර රාක්ෂාවතාරයක් මවාගෙන නීලවර්ණ දේහයකින් සමන්විතව තුරඟ වාහනාරූඪව එක් අතකට කඩුවක් ද එක් අතකට ගිනි කබලක් ද එක් අතකට ත්‍රිශූලයක් ද දරාගෙන සිව් අත් ලෙළව ලෙළවා විෂ ඝෝර සර්පාභරණ දරාගෙන යකුන් පිරිවරා ගමන් කරන ඔඩ්ඩිස නාමාභිධාන සිද්ධ බලකාර ගම්බාර සූනියන් දිව්‍ය රාජෝත්තමයාණන් වහ්නසේගේ පිහිටාධාර ප්‍රාර්ථනාවෙන් සියලු සත්ත්වයන් විසින් කැප භාරදෙන පූජාදිය කෙරෙහි දිව්‍ය නේත්‍රය හෙළා සකල ලෝවැසියන්ට ඇල්මකර, බැල්මකර, දිෂ්ටිකර සිටින්නාවූ සර්ව යක්ෂ – භූත – ප්‍රේත – පිශාච – කුම්භාණ්ඩාදීන් පළවා හැර ඔබ වහන්සේට කියා සිටින කාරණා ඉෂ්ට කරදී සෙත් ශාන්තියක්ම කරදී වැඩ වදාරන සේක්වා!!!

චිරං ජයතු!!!

ජ්‍යොතිෂ – ගුප්ත විද්‍යාධර
කොත්මලේ නාරද
ඩී. ලියනආරච්චි
දු.ක.අ 0779508443

advertistmentadvertistment
advertistmentadvertistment