නාසයේ පිහිටීම තුළින් ස්ත්‍රිය හඳුනාගනිමු

15671

කලියුගයේ වෙසෙන මිනිසුන් හොඳින් හැඳිනගෙන ආශ්‍රය කිරීම තුළින් තම ජීවිතයට එල්ල වන කරදර බාධක අවමකර ගත හැක. කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ඇති අඟ පසඟ වලින් කියැවෙන ගති ගුණ බොහෝ වේ. ඒවා තුළින් ස්ත්‍රියක් හෝ පුරුෂයකු හඳුනා ගැනීම දේහ ලක්‍ෂණ විiාව දත් අයකුට පහසු කාර්යයකි. ශරීරයේ කැපී පෙනෙන අංග අතරින් නාසය හොඳින් කැපී පෙනේ. නාසයෙන් මුහුණට අලංකාරයක් දෙනවා මෙන්ම එහි පිහිටීම, හැඩය, ප්‍රමාණය, දිග හා පළල යන ස්වභාවයන් අනුව කියැවෙන ගතිගුණ විවිධාකාර වේ. ස්ත්‍රියගේ නාසයෙන් කියැවෙන ගති ගුණ මෙන්ම පුරුෂයන්ගේ නාසයෙන් කියැවෙන ගති ගුණද බොහෝය.

ගතිගුණ සම්බන්ධව සෙවීමේදී පුරුෂයන්ගේ ගතිගුණවලට වඩා ස්ත්‍රීන්ගේ ගති ගුණ සමාජය විසින් වැඩිපුර සොයනු ලබයි. ලංකාව, ඉන්දියාව වැනි සංස්කෘතීන්වලින් පිරි රටවල මෙය බහුලව දක්නට ලැබේ. එනිසාම පුරුෂ නාසයේ ගති ගුණ පැවසීම පසකට තබා ස්ත්‍රී නාසයෙන් පිළිබිඹු වන ගති ලක්‍ෂණ සලකා බලමු.

සිහින් සිදුරු සහිත දිග්වූ නාසය පිහිටි ස්ත්‍රිය

තීක්‍ෂණ බුද්ධියෙන් උසස්, උපායශීලී, සමාජයේ ගෞරවයට පාත්‍ර වන උසස් තනතුරු ලැබීමේ භාග්‍ය ඇති අයෙකි.

පැතලි නාසයක් පිහිටි ස්ත්‍රිය

ඉතා කපටිය. ස්ත්‍රී මායමින් අගතැන් පත් අයෙකි. මායම් උපයෝගී කරගෙන තමන්ගේ දියුණුව සාදාගනී. මොවුන් හෙඳින් හෝ නරකින් ධනය උපයයි. ප්‍රබල ආත්මාර්ථකාමී චරිත වේ. ජීවිතයේ මුල් භාගය සැපවත් වූවද අග භාගය දුකසේ කල් ගෙවන චරිත වේ.

සිහින් වූ උල්වූ නාසය පිහිටි ස්ත්‍රිය

මොවුන් ඉගෙනීමට දක්‍ෂය. කලාවටද දස්කම් දක්වයි. ඥානවන්ත චරිත වේ. සමාජයේ ජනප්‍රිය අයෙක් වේ. නමුත් මොවුන් මුදලට වහල්වන, අනුන්ගේ සිත් රිදවන, ආත්මාර්ථකාමී අය වේ. අනුන්ට උදව් කිරීමට මැලිවීමද මෙවන් නාසයක් හිමි ස්ත්‍රීන්ගෙන් කැපී පෙනේ.

මොලොක් වූ නාසය හිමි ස්ත්‍රිය

නිතර සමාජ සේවා කටයුතු කරන, සමාජයෙන් කිසිදු ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවන අයෙකි. චාම් ජීවිතයක් ගතකරයි. විවාහය ඉතා සාර්ථකය. මැය වසන නිවසා ඉතා වාසනාවන්තය.

නාසයේ අග පැතලිව හෝ තැලී ඇති ස්ත්‍රිය

බුද්ධියෙන් ඉතා අඩුය. කුඩා කාලයේදීම අතවරවලට ලක්වීමටද ඉඩකඩ ඇත. ජීවිතය ගැන ලොකු බලාපොරාත්තු නැති ස්ත්‍රීන්ය. විලිබිය අඩු, හැඟීම්වලට වහල්වන ස්ත්‍රියක් වන මොවුන්ගේ විවාහ ජීවිතය අසාර්ථකය.

කෙටි සිදුරු සහිත මනාව මට්ටමට පිහිටි නාසය ඇති ස්ත්‍රිය

බුද්ධිමත් කාන්තාවකි. යුක්ති ගරුක චරිත වේ. මෙවන් ස්ත්‍රීන්ට දයාව, කරුණාව උතුරායන හදවතක් ඇත. විවාහ ජීවිතය අති සාර්ථකය. දරුවන්ගේ මෙන්ම මුණුබුරු මිනිබිරියන්ගේද ආදර ගෞරවයට පාත්‍ර වේ. දිළිඳු පවුලක ඉපදුනද ඉක්මනින් පොහොසත් වේ. මෙවන් ස්ත්‍රීන් දුරදිග බලා කටයුතු කිරීම සිරිතයි.

සිහින් දිග අග රවුම් නාසය ඇති ස්ත්‍රිය

විවිධ වැඩවලට දක්‍ෂය. ආගම දහමට ලැදිය. ඉතා ඥානවන්තය. ඉක්මනින් කෝපාවිෂ්ට වේ. නීතිගරුකය. දරුවන්ට හා සැමියාට වැරදි වලට දඬුවම් පමුණුවන අය වේ.

සිහින් වූ නාසය අගින් බිදී පැවතීම

මෙවන් ස්ත්‍රීන් ඉතා අවාසනාවන්තය. ජීවිතයේ සැමියාගෙන් හෝ දරුවන්ගෙන් ආදරය නොලබයි. සමාජශීලී නොවේ. අනුන්ගේ දොස් පරොස්වලට මුහුණදීමට සිදුවේ. මෙවන් ස්ත්‍රීන් නිතර කලකිරීමෙන් පසුවන අතර විවාහ ජීවිතයද අසාර්ථක වේ. නාසයේ මුල කොටස කවාකාරව, අග කොටස මහත්ව තැලී ඇති ස්ත්‍රිය

මෙවන් ස්ත්‍රීන් ඉතා රාගාධිකය. මොවුන්ගේ ජීවන වෘත්තියද බොහෝ විට අසම්මත එකකි. මෙවන් නාසයකට හිමිකම් කියන ස්ත්‍රීන් ගණිකා වෘත්තියට යොමුවීමට බොහෝ ඉඩකඩ ඇත.

නාසයේ අග මහත්වී මැදින් නැමුණු නාසය ඇති ස්ත්‍රිය

මොවුන් ඉතා ඊර්ෂ්‍යාකාරීය. පළිගන්නා සුළු අදහස් ඇති, ඕපාදූප සොයන අයෙකි.

රතු පැහැති අග මහත් වූ නාසය ඇති ස්ත්‍රිය

මෙවන් ස්ත්‍රීන්ගේ විවාහ ජීවිතය අසාර්ථකය. මොවුන්ව සැමියා විසින් අතහැර දමයි. ජීවිතය කරදරවලින් පිරි එකකි.

පහතට එල්ලෙන නාසය හිමි ස්ත්‍රිය

පර පුරුෂයන් ඇසුරු කරන, ගුප්ත ලෙස හැසිරෙන, සැමියාගේ අඩුපාඩු කියා සැමියාට විරුද්ධව වැඩ කරන අයෙකි.

නාසයේ පිහිටීම තුළින් ස්ත්‍රිය හඳුනාගනිමු

ජ්‍යොතිෂවේදී, දේශබන්දු, ආචාර්ය මංජුලා පල්ලෙබැද්ද,
පානදුර.
දු. අංකය 0779-282653

advertistmentadvertistment
advertistmentadvertistment