ඉන්දීය අගමැතිගේ මෙනේරි වැඩසටහනට ගයානා ජනපතිගේ සහාය

141

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ යෝජනාවකට අනුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කළ ජාත්‍යන්තර මෙනේරි වර්ෂයේ අරමුණ ඉදිරියට ගෙන යාමේ ගෝලීය නායකත්වය ද භාර ගන්නා බව ගයානා ජනාධිපති ආචාර්ය මොහොමඩ් ඉර්ෆාන් අලි පවසයි.නවදිල්ලියේ පැවති ගෝලීය මෙනේරි සමුළුවේදී ප්‍රධාන දේශනය පවත්වමින් හෙතෙම මේ බැව් පැවසීය.ඉන්දියාව ගෝලීය වශයෙන් විශාලතම මෙනේරි නිෂ්පාදකයාය.
ආහාර සහ ආරක්ෂාව පිළිබඳ ගෝලීය අභියෝගයට මුහුණ දීම සඳහා ඉන්දියාව දක්වන කාර්යභාරය අගය කළ ඔහු ඉන්දියාව සිය ,සේවා විශේෂඥතාව, ඒ සඳහා තබන බව පැවසීය. සම්මන්ත්‍රණය අමතමින් ගයානා ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ගයානා රජය විසින් සුවිශේෂී මෙනේරි නිෂ්පාදනය සඳහා අක්කර 200 ක භූමි ප්‍රමාණයක් ලබා දී ඇති බවයි.අපට කුසගින්න සමඟ සටන් කිරීමට සහ කෘෂි ආහාර පද්ධතිය පරිවර්තනය කළ හැකියැයිද ඔහු පැවසීය.
ඉන්දියාවේ යෝජනාව මත පදනම්ව 2023 වසර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජාත්‍යන්තර මෙනේරි වසර ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
එසේම 2023 සැමරුම් මහජන ව්‍යාපාරයක් බවට පත් කිරීම සහ ඉන්දියාව මෙනේරි සඳහා ගෝලීය කේන්ද්‍රස්ථානය ලෙස ස්ථානගත කිරීමේ අග්‍රාමාත්‍යවරයාගේ දැක්මට අනුකූලවල සියලුම මධ්‍යම රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු ප්‍රාන්ත සහ ප්‍රාදේශීය ප්‍රදේශ ගොවීන් අපනයනකරුවන් සිල්ලර ව්‍යාපාර සහ අනෙකුත් පාර්ශවකරුවන් සඳහා මෙනේරි වල ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කිරීම සහ ප්‍රචලිත කිරීම සඳහා නියැලී සිටිති.මෙම සමුළුවට විවිධ රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන් ජාත්‍යන්තර විද්‍යාඥයින් පෝෂණවේදීන් සෞඛ්‍ය විශේෂඥයින් සහ අනෙකුත් පාර්ශවකරුවන් සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment