ඉන්දියාව සමග විදුලි ගිවිසුමකට අනුමැතිය

164


පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳව ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුමකට එළඹීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඉදිරිපත්කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

2030 වනවිට සමස්ත විදුලිය අවශ්‍යතාවයෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබාගැනීම බලශක්ති සැපයුම සම්බන්ධයෙන් ස්වාධීනවීම සහ 2050 වසර වනවිට කාබන් විමෝචන උදාසීන කළ තත්ත්වයකට පත්වීම රජය විසින් ප්‍රතිපත්තියක් වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment