විදුලි බිල අඩු කිරීමේ බාලගිරි දෝෂය

190

ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජිත විදුලි ගාස්තු අඩුකිරීමට අදාළව මහජන උපයෝගිතා කොමිසම සමඟ පැවති සාකච්ඡා ඊයේ දෙවැනි දිනටත් විසඳුමකින් තොරව අවසන්වී තිබේ. මණ්ඩලය ඊට අදාළ දත්ත ප්‍රමාණවත් පරිදි ලබා නොදීම හේතුවෙන් මේ තත්ත්වය නිර්මාණය වූ බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.මෙලෙස කල්යමින් තිබෙන්නේ මේ වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ විදුලි ගාස්තු සංශෝධනයයි.මාස තුනකට වරක් විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ රජයේ නව ප්‍රතිපත්තිය අනුව 2023 වසරේ අවස්ථා 3කදී විදුලි ගාස්තු සංශෝධනය කෙරුණි.ඒ අනුව පෙබරවාරි 15 ගාස්තු වැඩිකිරීමකට, ජුලි 01 ගාස්තු අඩුකිරීමකට සහ ඔක්තෝබර් 20 නැවතත් ගාස්තු වැඩිකිරීමකට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දුන්නේය.අවසන් සංශෝධනය කළ ඔක්තෝබර් මාසයේ ගෘහස්ථ කාණ්ඩය සඳහා විදුලි ගාස්තුව ඉහළ නැංවුණේ සියයට 18 ක ප්‍රතිශතයකිනි.

advertistmentadvertistment
advertistmentadvertistment