ශ්‍රී ලංකන් ණය උගුලක

467

ශ්‍රී ලංකන් ගුවන් සමාගම දරාගත නොහැකි මට්ටමේ ණය උගුලක සිරවී සිටින බව මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙම වර්ෂයේ (2023) පෙබරවාරි මස 28 වැනිදා වන විට ගෙවීමට ඇති ණය මුදල ඇමරිකානු ඩොලර් මිලියන 834ක් බැව් සඳහන්ය.

රුපියල් බිලියන 47.9ක ඉහළ මූල්‍ය පිරිවැය සහ මෙහෙයුම් වියදම ඉහළ යෑම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම් සමූහය 2022/2023 වසරේ දී රුපියල් බිලියන 72.2ක අලාභයක් වාර්තා කර තිබුණි. රුපියල අව ප්‍රමාණය වීම හේතුවෙන් 2022 වර්ෂය අවසානය වන විට ගුවන් සමාගම රුපියල් බිලියන 63.7ක විනිමය පාඩුවක් ලබා ඇති බව ද මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ගුවන් සමාගමේ ඇති වී තිබෙන මූල්‍ය අවදානම ඉවත් කිරීම සහ එහි ණය පියවීම සඳහා ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇති අතර ගෝලීය වශයෙන් පිළිගත් උපදේශකයන් මෙකී ක්‍රියාවලියට සහායවනු ඇති බව ද මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පවසයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment