කාබනික වගාවට යන හොඳ තීරණය ආණ්ඩුව ගන්නේ නරකම විදිහට.. ෆේල් වූ සහල් ගැසට් දෙස බලාගෙන ජනතාවට හූල්ලන්න වෙලා

441

ජනතාවට කෑමට ගත හැකි බාලම හාලේ මිල රුපියල් 130ක් දක්වා ඉහළ යෑම නිසා ‘‘ෆේල් ටූ සහල් ගැසට්’’ දෙස බලා හීල්ලීමට ජනතාවට සිදුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු ඌව පළාත් සභා මන්ත‍්‍රී සමන්ත විiාරත්න මහතා ‘‘දිවයින’’ට ඊයේ (16දා* පැවසීය.
 
 මෙරට ජනතාවගේ ප‍්‍රධාන ආහාරය වන බත සරිකර ගැනීමට හාල් අවශ්‍යව ඇතත් පවතින මිල ගණන් යටතේ හාල් කිලෝවක් මිලදී ගැනීම සාමාන්‍ය ජනතාවට සිහිනයක්ම වී ඇතැයි ද කී ඒ මහතා හෙට අනිද්දා වන විට සහල් කිලෝවක් රුපියල් 300 සීමාව ඉක්මවා යෑමට නියමිතව ඇතත් ආණ්ඩුව බකන්නිලා සිටීම ජනතාව කළ කුමන කරුමයක් දැයි විමසා සිටියේය.
 
 වැඩිදුරටත් අදහස් දැක්වූ සමන්ත විiාරත්න මහතා මෙසේද කීවේය.
 
 මේ රටේ පාලකයෝ පළමුව විසඳිය යුත්තේ ආහාර ප‍්‍රශ්නය. බොරු ගැසට්වලට ඒක කරන්න බැරි බව මේ අය ඔප්පු කරලා ඉවරයි. මිල පාලනයක් නැහැ.
 
 අද මිනිස්සුන්ගේ ආදායම අඩුයි. වියදම වැඩියි. කන්න පුළුවන් බාලම හාල 130 යි. අනික් හාල් දිහා බලන්නවත් බැහැ. මිනිසාගේ මූලික අවශ්‍යතා ඉටු නොකර මේ ආණ්ඩුව මරිමෝඩ තකතීරු ප‍්‍රතිපත්ති අනුගමනය කරනවා.
 
 කාබනික පොහොරවලට යෑම ඉතාම හොඳ තීන්දුවක්. නමුත් මේ ආණ්ඩුව ඒක ඉතාම නරක විඳිහටයි පටන් ගත්තේ. මේ කන්නයට වඩා ඉදිරි මහ කන්නය තවත් අවුල් වෙයි. අද ගොවියාට මුහුණදීමට සිදුව තිබෙන්නේ ඉතාම ශෝචනීය, කනගාටුදායක තත්ත්වයකට.
 
 මේ තත්ත්වයට ආණ්ඩුව වගකිව යුතුයි. නමුත් ඒ අය අද ගොවියා මර්දනයට අත තියලා. නමුත් අපි ගොවියා සම`ග අරගලයේ ඉන්නවා. මේක මර්දනය කරන්න නම් ආණ්ඩුවට කරන්න තිේයන්නේ ජනතාවට දුන්න පොරොන්දු ඉටු කරන එක විතරයි.

 – සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment