AIA විසින්, EDGE Assess සහතිකය අත්පත් කර ගනී

23

ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාන්විත රක්ෂණ සමාගම වන AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කර ගනිමින් නොබෝදා කීර්තිමත් EDGE Assess සහතිකය අත්පත් කරගන්නා ලදී.

මෙමගින් සමාගම විවිධත්වය, සාධාරණත්වය සහ සියලු‍දෙනා ඇතුලත් කරගනිමින් ක්‍රියාත්මක වෙමින්, සිය මානව සම්පත වෙනුවෙන් ලබා දෙන්නා වූ ගෞරවය වඩාත් පිළිබිඹු වේ.

මෙම සහතිකය ලබා ගැනීමත් සමඟින් එම ජාත්‍යන්තර තත්ත්ව සහතිකයට සහ ඇගයීමට හිමිකම් කියන්නා වූ එකම ශ්‍රී ලාංකික රක්ෂණ සමාගම බවට AIA පත්වෙනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලය (International Finance Corporation – IFC) යටතේ ඇති, කාන්තාවන් සහ පිරිමින් සඳහා සමාන වෘත්තීය අවස්ථා පෝෂණය කිරීම වෙනුවෙන් සිය උපායමාර්ගික කැපවීම සමඟින් සහය වන්නා වූ IFC-DFAT Women in Work වැඩසටහන, AIA අත්පත් කරගත් මෙම EDGE සහතිකකරණයට අදාළ වූ ක්‍රියාවලිය සඳහා සිය සහාය ලබා දෙන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment