රාමා සීතා පුවතේ ඓතිහාසික ස්ථාන නරඹන්න ඉන්දීය සංචාරකයෝ විශාල පිරිසක් ලංකාවට එති

102

ඉන්දීය සංචාරකයන් විශාල වශයෙන් මේ දිනවල ශ්‍රී ලංකාවේ ඓතිහාසික රාමා සීතා කතා පුවතට අයත් ස්ථාන නැරැඹීම සඳහා පැමිණෙමින් සිටින බව දිවුරුම්වෙල පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති පල්ලේබෝවෙල ඥාණානන්ද හිමියන් කියා සිටී.

මේ වනවිට රටේ පවතින යහපත් තත්ත්වය මත විශාල වශයෙන් ඉන්දීය සංචාරකයින් මෙරටට පැමිණිමට පටන්ගෙන ඇති බවත් උන්වහන්සේ කියා සිටියේය.

මෙසේ පැමිණෙන සංචාරකයින් නුවරඑළීය සීතා කෝවිල, දිවුරුම්වෙල පුරාණ විහාරස්ථානය, ඇල්ල, කතරගම ආදී ප්‍රදේශවල සංචාරයේ යෙදෙන බව මෙහිදී අප කළ විමසීමකදී දැන ගන්නට ලැබිණ.

බොරලන්ද – සමන්ත කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment