මෛත්‍රී අත්අඩංගුවට ගෙන ප්‍රකාශයක් ගන්න – ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා

81

“මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරය පිළිබඳව කර ඇති බරපතළ ප්‍රකාශය සම්බන්ධයෙන්, වහා ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රකාශයක්…. ලබාගන්නා ලෙස ටිරාන් අලස් ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා…” යැයි අගරදගුරු පදවියේ ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා පෙරේදා (23 දා) පැවැසීය.

තවදුරටත් කතා කළ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා මෙසේද කීය.

“පාස්කු ප්‍රහාරය සිදුවෙලා වසර 5ක් පිරෙන්න තව තියෙන්නේ මාසයක් විතරයි. හිටි හැටියෙම මෙවැනි ප්‍රකාශ නිකුත් කරන්නේ මියගිය අයගේ මළමිනීවලින් මෙතුමා දේශපාලන නාඩගමක් නටන්න යන්න ද කියලා අපිට හිතෙනවා. එතුමා කරලා තියෙන්නේ මහා බරපතළ ප්‍රකාශයක්.

අපි ටිරාන් අලස් ඇමැතිතුමාගෙන් අහන්නේ තොරතුරු තියෙනවා නම් මෛත්‍රිපාල සිරිසේන මහත්තයා වහා අත්අඩංගුවට අරන් එතුමාගෙන් ප්‍රශ්න කරන්නේ නැත්තේ ඇයි කියලයි.”

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment