සිසුන් ලක්ෂ 16 කට අද සිට පාසලෙන් ආහාර වේලක් – පළමුවැනි ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා

83

පළමුවැනි ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා සියලුම පාසල් දරුවන් සඳහා අද (25 දා) සිට ප්‍රධාන ආහාර වේලක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මේ සඳහා රජය රුපියල් බිලියන දහසයයි දශම හයක් (16.6) වැය කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

පෝෂණවේදීන්ගේ නිර්දේශ සැලකිල්ලට ගෙන සිසුන් අධ්‍යාපනයේ නිරතවීමට පෙර පෙරවරු 7.30 ත් 8.30 ත් අතර කාලයේ ආහාරවේල ලබාදෙන ලෙස ද, එම ආහාර වේල් පෝෂණයෙන් හා සෞඛ්‍යාරක්ෂිත බවින් ඉහළ මට්ටමක පවත්වාගෙන යෑමට වැඩි අවධානය යොමු කරන ලෙස ද ඇමැතිවරයා දැනුම්දී ඇත.

රජයේ පාසල් 9134 ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු සිසුන් හා, 100 ට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලුම පාසල් ආවරණය වන පරිදි සිසුන් ලක්ෂ 16 කට පමණ මෙම ප්‍රතිලාභය හිමිවෙයි. මේ සඳහා වැයවන මුදල් පළාත් සභා නවයට වෙන්කර ඇති අතර, ලෝක ආහාර වැඩසටහන හා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) ඇතුළු වෙනත් සංවිධාන ද ඒ සඳහා අනුග්‍රහය දක්වයි. ආහාර වේලක් සඳහා රජය සපයන රුපියල් 85 ක මුදල පවතින වෙළෙඳපොළ මිළ ගණන් අනුව රුපියල් 110 දක්වා වැඩිකර ඇත.

මෙහි ආරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට සුජාතා බාලිකා විiාලයේදී අද ආරම්භ වේ. මෙම අවස්ථාවට අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු කිහිපදෙනකු සහභාගි වන අතර ඊට සමගාමීව පළාත් ට්ටමින් ද සමාරම්භක වැඩසටහන් පැවැත්වේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment