ප්‍රියමාලිට  රැවටුණු  තවත් බලවතුන් රැසක් පොලිසිය  මඟ හරිති

1425

ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැඟිල්ලේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගිය තිළිණි පියමාලි නමැති කාන්තාව සමග කිට්ටු සබඳතා පැවැත්වූ තවත් කෝටිපතියන් කීප දෙනෙකු ඇගේ වංචාවට හසුවී ඒ බව පොලිසියට පැමිණිලි කිරීමෙන් වැළකී සිටින බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්  ‘දිවයින’ ට පැවසීය.

මෙම කෝටිපතියන් තමන්ට සිදුවූ පාඩුව දරාගෙන සිටින බව දැන ගන්නට තිබෙන බව ද එම නිලධාරියා කීය. මෙම වංචාවට තමන් හසුවී ඇති බව පොලිසියට ප්‍රකාශ කළහොත් මූල්‍යාතනයේ තැන්පත් කිරීමට ඔවුන්ට මෙපමණ විශාල මුදලක් ලැබුණු ආකාරය සනාථ කිරීමට නොහැකි නිසා පාඩුව මෙන්ම ලැජ්ජාවද විඳ දරාගෙන ඔවුන් සිටිය හැකි බව ඔහු කියා සිටියේය.

මෙම වංචනික කාන්තාව සමග කිට්ටු සබඳතා පැවැත්වූ දැනට හෙළිවී සිටින දේශපාලකයන්, රංගන ශිල්පීන් ඇතුළු පිරිසගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කරන බව ද මෙම කාන්තාව සතු ලිපිගොනු, දුරකථන ඇමැතුම් මෙන්ම ඇයගේ කාර්ය මණ්ඩලයෙන්ද ප්‍රකාශ සටන් කර නීතිය ක්‍රියාත්මක කරන බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

නෝමන් පලිහවඩන – චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment