ජයසිරි මහ බෝ හාමුදුරුවන් අබියස සියලු හමුදා ධජ ආශිර්වාද ගැන්වෙයි

77

හැත්තෑ හතර වැනි යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා සියලු ධජයන් ආශිර්වාද ගැන්වීම ඊයේ (27) ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස දී පැවැත්විණි.

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පුණ්‍ය උත්සවය සිදු කෙරිණි.

ජයසිරි මහ බෝ හාමුදුරුවන් අබියස සියලු හමුදා ධජ ආශිර්වාද ගැන්වෙයි

මීට අමතරව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ හා සැදැහැවතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මහජන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් හා යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද නවීන තාක්ෂණයෙන් යුතු ආරක්ෂක කුටිය විවෘත කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

යුද හමුදාපතිවරයා අටමස්ථානාධිපති හිමියන්ගෙන් ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදා ධජය හා එම බලගණයන්ට අයත් ධජයන් සහිත පෙරහැර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා පැදකුණු කිරීමෙන් අනතුරුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස තැන්පත්කොට ආශිර්වාද කරනු ලැබීය. මෙහිදී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙනුවෙන් සියලුම යුද හමුදා නිලධාරීන්ගේ දායකත්වයෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් අටමස්ථානාධිපති වහන්සේ වෙත පූජා කිරීම යුද හමුදාපතිවරයා අතින් සිදු කෙරුණි.

මෙම ආගමික වැඩසටහනට අටමස්ථානයේ නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටි අතර යුද හමුදාපති මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් සංජීව වනසිංහ මහතා ඇතුළු නිලධාරීහු ද එක්ව සිටියහ.
ප්‍රභාත් වනසිංහ – නාච්චාදුව මිහින්තලේ රංග චතු

advertistmentadvertistment
advertistmentadvertistment