විහාරස්ථාන පහකට සහ දේවාලයකට පූජා භූමි සන්නස්පත්‍ර ප්‍රදානය

101

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මගින් රජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කළ ප්‍රදේශ පූජා භූමි ලෙස නම් කරමින් විහාරස්ථාන 5ක් හා රුවන්වැල්ල මැදගොඩ ශ්‍රී පත්තිනි දේවාලය පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කරමින් අදාළ ගැසට් පත්‍ර ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ඊයේ (27දා) ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අතින් සිදුවිය. වෙල්ගම රජමහ විහාරය, මීගම්මන රජමහ විහාරය, ගංගොඩවිල ශ්‍රී විජයාරාම විහාරය, පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන් විහාරය, මින්නේරිය මහසෙන් රජමහ විහාරය සඳහා මෙලෙස සන්නස්පත්‍ර පිරිනැමිණි.

මහා විහාර වංශික සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝ නායක පාලි හා බෞද්ධ විශ්වවිiාලයේ හිටපු උපකුලපති පූජ්‍ය මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසාර නාහිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පණ්ඩිත අත්තංගනේ සාසනරතන නාහිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ හිටපු මහා ලේඛකාධිකාරී අමරපුර වජිරවංශ පාර්ශ්වයේ වැඩබලන මහා නායක රුසියාවේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්. එස්. සත්‍යානන්ද යන මහත්වරු ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment