නීති කඩන රියැදුරන් වීඩියෝ කර එවන්න ඇප් එකක් – ඕ. අයි. ජී. ඉන්දික හපුගොඩ

250

මාර්ගයේ රියැදුරන්, පදිකයන් සිදුකරන වැරදි වීඩියෝ ගතකර මහජනතාවට පොලිස් රථවාහන මූලස්ථානයට එවිය හැකි ඇප් එකක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව පොලිස් රථවාහන මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික

හපුගොඩ මහතා ඊයේ (27 වැනිදා) පැවැසීය. මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව විසින් කොළඹ පදනම් ආයතනයේදී පවත්වනු ලැබූ මාධ්‍ය වැඩමුළුවේදී නියෝජ්‍ය පොලිස්පතිවරයා එසේ කීය.

නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙසේද කීවේය. “මාර්ගයේ රියැදුරන් අතින් පදිකයින් අතින් වැරදි සිදුවෙනවා. මේවා තමන්ගේ ජංගම දුරකථනයෙන් වීඩියෝ කරලා අපිට එවන්න පුළුවන් ඇප් එකක් ඉදිරියේදී හඳුන්වා දෙනවා. ඒ වීඩියෝ එවන කෙනාගේ රහස්‍යභාවය අපි සුරකිනවා. මේ තුළින් මාර්ගයේ සිදුවන රියඅනතුරු අවම කරගන්න පුළුවන්.” මෙම අවස්ථාවට මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මලිත් ජයතිලක මහතාද සහභාගී විය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment