ආණ්ඩුවට නිවැරදි සැලස්මක් නොතිබූ නිසා අයිඑම්එෆ් කොන්දේසිවලට යටවීමට සිදුවුණා

78

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් (ජාජබ) මහතා : පාර්ලිමේන්තුවේ දී ඊයේ (23දා)

රට බංකොළොත් කියලා කිව්වේ ආණ්ඩුවයි. ණය ගෙවාගන්න බැහැ කියලා. වසර 75ක් මාරුවෙන් මාරුවට රට පාලනය කළේ මේ පාලකයෝයි.

මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ආපු ගමන් රට ගොඩආවා කියලත් ඔවුන්ම කියනවා. මෙය ආඩම්බරවීමට කරුණක් නොවෙයි. ණයක් ගන්න වෙනවා කියන්නේ ලැජ්ජා විය යුතු පොළොවෙ පස් කන්න ඕන තත්ත්වයක්.

අයිඑම්එෆ් යන්න ගෝඨාභය රාජපක්ෂ තීරණය කළ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රී ලෙස අයිඑම්එෆ් කොන්දේසි මොනවද කියලා ඇහුවා. බැසිල්ට තරහ ගියා. කොන්දේසි කිව්වේ නෑ. අද මුදල් ඇමැති ලෙස රනිලුත් තවම හරියට කොන්දේසි කියන්නේ නෑ.

ලයිට් බිල, ගෑස් මිල, තෙල් මිල වැඩි කළේ, බදු වැඩි කළේ අයිඑම්එෆ් කොන්දේසිවලට අනුවයි. ඒවා පැහැදිලිව සඳහන් වෙනවා. ආණ්ඩුව රට වැට්ටුවට පස්සේ ඒ බර අද ආණ්ඩුව ජනතාව මත පටවලා. වෘත්තිය සමිති ඒ හඬ නගනවා.

අයිඑම්එෆ් එක සැලස්මක් ඉල්ලුවත් ආණ්ඩුවට එවැන්නක් තිබුණේ නෑ. ඒ නිසා ඔවුන්ගේ කොන්දේසිවලට යට වෙන්න වුණා.

ග්‍රීසිය ගොඩගන්න අයිඑම්එෆ් එකට බැරිවුණා. ගීක ජනතාවගෙන් පස්සේ අයිඑම්එෆ් එක සමාව ගත්තා. කොන්දේසි නිසා රට තවත් වැටුණා කියලා.

කොවිඩ් වසංගතයෙන් මිදුනාට පස්සේ රට ගොඩ කියා කිව්වත් තවත් රට වැටුණා. වංචාව දූෂණය නවත්වන්නේ නෑ. දූෂිතයන් ළඟම තියාගෙන ආණ්ඩුවට වංචා දූෂණ නතර කරන්න පුළුවන්ද? ජනතාව නිර්වින්දනය කරලා තවත් බර පටවලා. තවත් වසර දෙකකින් පමණ මෙහි ප්‍රතිඵල බලන්න පුළුවන්. ඒ තත්ත්වයට රට වට්ටන්න එපා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment