වැල්ලවායේදී අතුරුදන් දැරිය බණ්ඩාරවෙල සතිපොළේදී හමුවෙයි

724

දැරිය මුදලට විකිණීමට සිටියා යැයි පරීක්‍ෂණවලදී හෙළිවෙයි

වැල්ලවාය මුස්ලිම් පල්ලිය අසල පදිංචිව සිටි ඉකුත් 10 වෙනිදා අතුරුදන්වූ අවුරුදු පහක් වයසැති සෙත්මි අන්සිකා දැරිය බණ්ඩාරවෙල සතිපොළ අසල සිටියදී වැල්ලවාය පොලිසිය මගින් සොයාගෙන තිබේ.

මෙම දැරියට යෝගට් එකක් ලබාදීමට යැයි පවසමින් කැඳවාගෙන ගිය වැල්ලවාය ප්‍රදේශයේ කුලීවැඩ කරන දියතලාව ගුරුතලාව ප්‍රදේශයේ 25 හැවිරිදි පදිංචිකරුවකුද පොලීසිය මගින් (11 දා) සවස අත්අඩංගුවටගෙන ඇත.

මෙම පුද්ගලයා එම පවුල සමග කිට්ටු සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය දින කිහිපයක සිට නිවසේ නතරව සිටින සුද්දා නමින් හඳුන්වන උක්ගස් කැපීමේ නිරතව සිටින අයෙකි.

සැකකරු දැරියව වැල්ලවාය නගරයට රැගෙනගොස් බණ්ඩාරවෙල ප්‍රදේශයට යන බස් රථයකින් බණ්ඩාරවෙල සතිපොළට ගොස් එදින රාත්‍රී එහි ගතකර ඇත.

පසුදින උදේ ඇයව දියතලාව, ගුරුතලාව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට කැඳවාගෙන යමින් සිටියදී බණ්ඩාරවෙල සතිපොළේ දී ඔහු සහ දැරිය පොලිසිය මගින් අත්අඩංගුවටගෙන ඇත. සැකකරු විසින් දැරිය කිසියම් පුද්ගලයකුට මුදලට විකිණීම සඳහා සූදානම්කර තිබූ බවට පරීක්ෂණවලදී අනාවරණයවී ඇත.

සැකකරු වැල්ලවාය පොලිසිය මගින් වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව තිබිණි. වැල්ලවාය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී. එම්. පී. බණ්ඩාර මහතා මහතා සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment