පුනර්ජනනීය බලශක්ති ගිවිසුම අත්හිටුවලා

1097

ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2017 වසරේ සිට පුනර්ජනනීය බලශක්තිය මිලදී ගැනීමේ ගිවිසුම් අත්හිටුවා ඇතැයි ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවේ සඳහන් වේ.

ඒ අනුව සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් බලපත‍්‍ර සහ තාවකාලික අනුමැතිය ලබාදී ඇති කුඩා ජලවිදුලි බලාගාර, සූර්ය බලාගාර සහ සුළං බලාගාර ආදී නව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන්හි ආයෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටි නව ආයෝජකයින්ගේ ව්‍යාපෘති 1374ක් නතර වී ඇතැයි ද එම වාර්තාවේ දැක්වෙයි.

මෙමගින් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 4014.84ක විදුලියක් උත්පාදනය කිරීමට නියමිතව තිබුණි. ලංකා විදුලි බල මණ්ඩලය විසින් 2017 වසරේ සිට තරගකාරී මිල කැඳවුම් ක‍්‍රමයට යොමුවීම නිසා මෙම පුනර්ජනනීය බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම් අත්සන් කිරීම අත්හිටුවා ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment