වී අලෙවි මණ්ඩලයේ ගබඩා ලෙල්ලටම හිඳිලා

53

වී අලෙවි මණ්ඩලය සතුව පළාත් 07ක වී මෙට්‍රික්ටොන් 327,285 ක ධාරිතාවකින් යුතු ගබඩා 356ක් පැවැතිය ද ඉකුත් වර්ෂයේ (2023) ජුලි මස 26 වැනිදා වන විට මෙකී ගබඩාවල පැවතියේ වී මෙට්‍රික්ටොන් 7511ක් පමණක් බව ජාතික විගණන කාර්යාලය පවසයි.

පළාත් හතේ පැවැති ගබඩා ධාරිතාවයෙන් ප්‍රයෝජනයට ගෙන තිබුණේ සියයට 2.3ක් පමණක් බව ද විගණනය මගින් අනාවරණය කර ඇත. එහෙත් වී අලෙවි මණ්ඩලයේ සේවකයන් 136 දෙනකු වෙත ඉකුත් වර්ෂයේ (2022) වැටුප් ලෙස රුපියල් එක්කෝටි පනස්ලක්ෂ දහනමදහස් දෙසිය තිහක (105,019,230) මුදලක් ගෙවා තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

වී අලෙවි මණ්ඩලයේ මූලික අරමුණ වන්නේ වී ගොවීන්ගෙන් සහතික මිලට වී අස්වැන්න මිලදී ගැනීම තුළින් ගොවි ජනතාවගේ දිළිඳුකම අඩු කර ගැනීම හා ආරක්ෂිත තොගයක් පවත්වා ගනිමින් රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment