යුපුන් ලෝක ශ්‍රේණිගත ලැයිස්තුවේ ඉහළට

295

ශී‍්‍ර ලාංකික කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්වේ වත්මන් ලෝක ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 40 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත්වී තිබේ.

නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ප‍්‍රසාද ලකුණු 1215ක් සමගින් යුපුන් මෙලෙස එම ලැයිස්තුවේ ඉහළට පැමිණීමට සමත්වී තිබේ. එ් අනුව ලෝක ශ්‍රේණිගත ලැයිස්තුවේ මුල් පනස් දෙනා අතරට පැමිණි පළමු ශී‍්‍ර ලාංකිකයා මෙන්ම පළමු දකුණු ආසියානු කී‍්‍රඩකයා බවට පත්වන්නට යුපුන් සමත් වී තිබේ.

පසුගියදා පැවැති ඩයමන්ඞ් ලීග් තරග වාරයේදී පිරිමි මීටර් 100 ඉසව්වේ අවසන් තරගයට කී‍්‍රඩා කළ යුපුන් එහි නව වැනි ස්ථානය දිනා ගැනීමට සමත්විය. එහිදී මීටර් 100 ඉසව්ව තත්පර 10.22කින් නිමා කිරීමට යුපුන් සමත්වූ අතර මීට පෙර එම ඉසව්ව තත්පර 10.15කින් නිමා කරමින් නව දකුණු ආසියානු වාර්තාවක් බිහිකිරීමට යුපුන් අබේකෝන් සමත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment