ත‍්‍රස්ත මර්දන පනතට වසර 43 කට පසු සංශෝධන

174

ත‍්‍රස්තවාදී සැකකරුවන් රැඳවුම් මධ්‍යස්ථානවල සිටින බවට තහවුරු කර ගැනීම සඳහා මහෙස්ත‍්‍රාත්වරුන්ට එම මධ්‍යස්ථානවලට පැමිණීමට ඉඩදීම සහ ත‍්‍රස්ත සැකකරුවකු රඳවා ගැනීමේ කාලසීමාව මාස 12 කට සීමා කිරීම සඳහා වූ සංශෝධන ත‍්‍රස්ත‍්‍ර මර්දන පනතට ගෙන ඒමට රජය තීරණය කර ඇත.

මෙවැනි සංශෝධනයක් ත‍්‍රස්ත මර්දන පනතට ගෙන එන්නේ වසර 43 කට පසුවය. ජිනීවා මානව හිමිකම් 49 වැනි සමුළුව පෙබරවාරි 28 දා ආරම්භවීමට පෙර මේ සංශෝධන සම්මත කර
ගැනීමට රජය කටයුතු කර තිබේ.

මේ නව සංශෝධන යටතේ ත‍්‍රස්ත මර්දන පනතේ වගන්ති 13 ක් සංශෝධනය කෙරේ.

මේ අනුව රැඳවුම්ගාරවල සිටින සැකකරුවන්ට නීතිවේදීන් සහ ඥාතීන් හමුවීමට ඉඩදීම, ඔවුනට වධ දී නැති බවට සහතික කිරීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීම, දිනපතා නඩු විභාග පැවැත්වීම, ඇප ලබාදීම වැනි සංශෝධන සිදුවේ.

එසේ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහසට බාධා වන වගන්ති ද නව සංශෝධන යටතේ අහෝසි කෙරේ.

මෙම පැරණි ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කරන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය කළ ඉල්ලීම රජය ප‍්‍රතික්ෂේප කර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment