දිස්ත්‍රික්ක 7 ක ඩෙංගු දැඩි අවදානමක්

85

දිස්ත්‍රික්ක හතක ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අධි අවදානමක් පවතියි. සිදුකළ කීට විද්‍යා සමීක්‍ෂණවලදී ඩෙංගු රෝග ප්‍රධාන වාහක මදුරුවාගේ බෝවීම ඉහළ ගොස් තිබෙන බව තහවුරු කරගෙන තිබෙන බව රජයේ කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජයමිනි මිගෙල්හේවා මහතා පැවසීය.

ගාල්ල, මාතර, කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, යාපනය යන දිස්ත්‍රික්කවල සිදුකළ සමීක්‍ෂණවලදී ඊඩිස් ඊජිප්ටස් ඩෙංගු මදුරු ඝනත්වය ඉහළ අගයක පවතින බව තහවුරු කරගෙන ඇත. ඩෙංගු රෝග වාහක ප්‍රධාන මදුරු විශේෂය මෙය වන අතර පසුගිය වසරට සාපේක්‍ෂව

ගෙවුණු මාස කීපය පුරා ඉහළ ගොස් ඇති බවත්, මාර්තු මාසය දක්වා ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ යනු ඇති බවත් සභාපතිවරයා පැවසීය.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment