ඉන්දීය මහ කොමසාරිස්, TVS ලංකා වාහන එකලස් කිරීමේ සංකීර්ණය නිරීක්‍ෂණය කරයි

59

සියවසරක අභිමානවත් ගමන්මඟ සමරන ලද හොරණ ප්‍රදේශයේ ඉදිකරන ලද TVS ලංකා පුද්ගලික සමාගමේ වාහන එකලස් කිරීමේ සංකීර්ණය නැරඹීමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා පසුගියදා පැමිණියේය.

මෙම සංචාරය අතරතුර, මහ කොමසාරිස්වරයා ඉන්දියාවේදී විශේෂ පුහුණුවක් ලබාදුන් කළමනාකරුවන් සහ කාර්මික ශිල්පීන් සමග සුහද කතාබහකද නිරත විය. විශේෂයෙන්ම, මෙම තීරණාත්මක අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය වෙත ලබාදෙන TVS හි කැපී පෙනෙන දායකත්වය ගෝපාල් බාග්ලේ මහතා ඉතා ඉහළින් අගය කළේය.

එහිදී, අනෙකුත් ඉන්දීය ව්‍යවසායන්ද, TVS හි මෙම මඟපෙන්වීම අනුගමනය කරමින්, වත්මන් අර්බුදය සමග කටයුතු කිරීමටත්, මෙරට ආර්ථිකය පුනර්ජීවනය කිරීමටත්, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සහ රජය සමග අත්වැල් බැඳගනු ඇති බවට ඉන්දීය මහ කොමසාරිස්වරයා විශ්වාසය පළ කළේය. ඒ අනුව, ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට සිය කුසලතා, දක්ෂතා සහ සම්පත් අතින් පිරිනැමීමට බොහෝ දේ ඇති බවද මහ කොමසාරිස්වරයා අවධාරණය කළේය. TVS ලංකා පුද්ගලික සමාගමේ වාහන එකලස් කිරීමේ සංකීර්ණය මූලික වශයෙන් ගෝලීය ප්‍රමිතීන්ට සහ ජාත්‍යන්තරව පිළිගත් තාක්‍ෂණික ක්‍රමවේදයන්ට අනුකූලව කර්මාන්ත අමාත්‍යාංශය විසින් හඳුන්වා දෙන ලද “දේශීය අගය එකතු කිරීමේ” සංකල්පය යටතේ යතුරුපැදි එකලස් කිරීම සඳහා ක්‍රියාත්මක වන්නකි. රුපියල් මිලියන 500කට වඩා වැඩි ආයෝජනයකින් සංස්ථාපිත කරල ලද මෙම වාහන එකලස් කිරීමේ සංකීර්ණය, ශ්‍රී ලාංකේය තාරුණ්‍යයට මෙන්ම, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ටද බොහෝ වෘත්තීය අවස්ථා ලබාදීමටද මාහැඟි මෙහෙවරක් සපයනු ඇත.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා, TVS Lanka ප්‍රධාන මෙහෙයුම් නිලධාරී – නව වාහන අලෙවි සහ මෙහෙයුම් – ගීතාල් ඇන්තනි මහතා සහ TVS & Sons India උප සභාපති පී. කේ. කන්නන් මහතා යතුරු පැදි එකලස් කිරීමේ කර්මාන්තශාලාව නිරීක්‍ෂණය කරන අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment