ඒකාබද්ධ දළ ආදායම රු.බිලියන 345ග2 දක්වා 24ග5% ක ප්‍රතිශතයකින් වැඩි වේ.

බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ විදේශ ව්‍යවහාර ආශ්‍රිතව සිදුකළ ආයෝජන සඳහා මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ අවම නිරාවරණයෙන් ප්‍රතිලාභ ලබයි.

සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණතාවෙන් මනිනු ලබන, ක්‍රය ශක්තිය 15ග7% අනෙකුත් බැංකු හා සැසදීමේදී ඉහළ අගයකි.

ඉකුත් වසර කිහිපය තුළ ගන්නා ලද නව ප්‍රයත්නයන් වර්තමානය වන විට සැලකිය යුතු ධනාත්මක ප්‍රතිඵල ලබා දෙමින් තිබේ. ආමුඛ සේවක ප්‍රේෂණවල වෙළෙඳ පොළ කොටස තෙගුණයකින් වැඩි වේ.

2023 සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වූ මාස 9ක කාලය තුළ මහජන බැංකුව විසින් වාර්තා කළ මෙහෙයුම් ප්‍රගතිය ප්‍රකාශයට පත්ව ඇත. ඒ අනුව සමස්ත ඒකාබද්ධ මෙහෙයුම් ආදායම රු.බිලියන 67ග6 ක් වූ අතර, බදු පෙර ලාභය රු.බිලියන 11.4 ක් වශයෙන් සටහන් කරනු ලැබ ඇත.

ඉකුත්, 2022 වසරේ වැඩි කාලයක් තුළ ඉහළ පොලී අනුපාත පැවතීමෙන්, කාලීන තැන්පතු අරමුදල්වල පිරිවැය අධික වීම හේතුවෙන්, 2023 සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් මාස 9 තුළ ඒකාබද්ධ ශුද්ධ පොලී ආදායම රු.බිලියන 44.6 ක් දක්වා පහත වැටිණි. ශුද්ධ ඒකාබද්ධ ගාස්තු සහ කොමිස් ආදායම සටහන් වන්නේ, රු.බිලියන 10.8 ක අගයකිනි. මෙහිදී, 2002 වසරේ මාස 9ට අදාළව එක් වරක් පමණක් බලපාන අයිතමයන් හැරුණු විට 90%කට ආසන්න වර්ධනයකි.

2022 වසරේ දෙවන කාර්තුවේ සිට ඇරඹුණු රුපියලෙහි අවප්‍රමාණය වීම සහ උද්ධමනය මත පදනම් වූ පිරිවැය සංකෝචනයන් පිළිබිඹු කරමින්, ඒකාබද්ධ සමස්ත මෙහෙයුම් වියදම් රුපියල් බිලියන 45.9 ක දක්වා 14.7% ක අගයකින් ඉහළ නැංවිණි. එවන් අධික පිරිවැය ඉහළ යාමකට සාපේක්ෂව, හැකි සෑම විටකම පිරිවැය පාලනයක් සහිතව, ආයතනික කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට බැංකුව සහ බැංකු සමූහය විසින් ගන්නා ලද උත්සාහයන් මෙමඟින් මනාව පිළිබිඹු වේ.

advertistmentadvertistment
advertistmentadvertistment