අභියෝගාත්මක තත්ත්වයන් මැද නොසැලී  මහජන බැංකුව ඉදිරියටම

111

මහජන බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායම, 2022 ජූනි 30 න් අවසන් වූ මාස හයක කාල සීමාව සඳහා රුපියල් බිලියන 69.3ක් වූ අතර, පසුගිය වසරට සාපේක්ෂව එය 54.9%ක වර්ධනයකි. පවතින අධි උද්ධමනකාරී තත්ත්වය තුළ වුවද පිරිවැය පාලනය කිරීම සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම හේතුවෙන් සමස්ත මෙහෙයුම් වියදම් රුපියල් බිලියන 20.8 දක්වා (3.7%) ක සු`ඵ වර්ධනයක් විය. එහි ප්‍රධාන ගනුදෙනුකාර කොටස්වලට අදාළ සාර්ව ආර්ථික ආතතීන් පිළිබිඹු කරමින් ණය හානිකරණ සඳහා වෙන්කිරීම් රුපියල් බිලියන 32.8 දක්වා 319.9% කින් ඉහළ ගොස් ඇත. බදු පෙර ලාභය රුපියල් බිලියන 11.6 ක් වූ අතර, එය 2021 වසරේ එම කාලය හා සැසඳීමේදී 12.5% ක අඩුවීමකි.

 බැංකුවේ මෙහෙයුම් ආදායමෙන් 75%ක් වන ශුද්ධ පොළී ආදායම රුපියල් බිලියන 51.7 දක්වා 30.5% කින් වර්ධනය විය. ඒ ඔස්සේ බැංකුවේ වත්කම් වර්ධනය සහ ශුද්ධ පොලී ආන්තිකයන්හි වර්ධනය පිළිඹිබු කෙරේ. බැංකුවේ අනෙකුත් අරමුදල් නොලබන ආදායම් මාර්ග වැඩිදියුණු කිරීමට දරන උත්සාහය නිරූපණය කරමින් ගාස්තු මත පදනම් වූ ආදායම රුපියල් බිලියන 9.8 දක්වා 160.9% කින් වර්ධනය වී ඇත. එසේම පිරිවැය ආදායම් දර්ශකයන් පිළිඹිබු කරන බැංකුවේ පිරිවැය ආදායම් අනුපාතිකය 2022 පළමු අර්ධය සඳහා 35.9%ක් ලෙස වාර්තා කළ අතර, මෙමඟින් මූලික වශයෙන් බැංකුවේ පිරිවැය පාලනය පිළිඹිබු කරයි. 2021 එම කාල සීමාවේදී 53.0%ක් ලෙස වාර්තා කර ඇත. බදු පසු ලාභය රුපියල් බිලියන 8.3 ක් වූ අතර, එය 2021 එම කාලසීමාවට වඩා 21.3% කින් පහළ යාමකි.

 මුළු තැන්පතු රුපියල් බිලියන 2,332.8 දක්වා 12.6% කින් වර්ධනය වූ අතර, ශුද්ධ ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,812.2ක් විය. එය 1.3%ක සු`ඵ අඩුවීමකි. තෝරාගත් ප්‍රධාන ගනුදෙනුකාර කොටස් හරහා ඉහළ අවදානම් මට්ටම් පිළිබිඹු කරමින්, බැංකුවේ අදියර 3 ණය, සමස්ත දළ ණයවල ප්‍රතිශතයක් ලෙස 2021 අවසානයේ තිබූ 4.0%ක ප්‍රතිශතයේ සිට 10.4% දක්වා වැඩි විය. මුළු වත්කම් 2021 රුපියල් බිලියන 3,007.3ක් වූ අතර, එය 2021 අවසානයට වඩා 10.6%ක වර්ධනයකි.

 ස්ථර 1 සහ සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාත 10.4% සහ 15.0%ක් වූ අතර, පිළිවෙලින් එය 2021 අවසානයේ: 12.6% සහ 17.8%ක් විය. ඒකාබද්ධ පදනමක් මත, මෙම අනුපාත පිළිවෙළින් 11.6% සහ 15.6% ක් විය. (2021 අවසානය : 13.4% සහ 17.9%). මෙය කිසිදු සහනයකින් තොරව හෝ වෙනත් සුවිශේෂී ගැලපීමකින් තොරව සලකා බලනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment