මහජන බැංකුවේ කළුතර ප්‍රාදේශික අපනයන කේන්ද්‍රය (Export Hub) පානදුර ශාඛාවේදී විවෘත කිරීම මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.

සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට එකම වහලක් යට සියලු පහසුකම් සැලසීම සඳහා අපනයන කේන්ද්‍ර (Export Hub) සංකල්පය හඳුන්වා දුන් අතර, දිවයින පුරා ප්‍රාදේශික 7ක පිහිටි ශාඛා 7ක මෙම අපනයන කේන්ද්‍රයන් පිහිටුවනු ලැබේ. මෙම වැඩපිළිවෙල ආරම්භ කරමින් පළමුවැන්න නුගේගොඩ ශාඛාවේදි මෑතකදී විවෘත කෙරුණු අතර, පානදුර ශාඛාවේදි විවෘත කෙරුනේ තෙවැනි අපනයන කේන්ද්‍රයයි.

මේ තුළින් විශේෂ පොලී අනුපාත යටතේ ණය පහසුකම්, අපනයන බැංකු පහසුකම්, ඇපකර පහසුකම්, උපදේශන සේවා, පරිපූරක සේවා සහ අපනයනකරුවන් සහ ආනයනකරුවන් සඳහාම නිර්මාණය කර ඇති ඩිජිටල් බැංකු පහසුකම් (ආයතනික අන්තර්ජාල බැංකුකරණය) ඇතුළුව පූර්ණ මුල්‍ය විසඳුම් පිරිනැමීම විශේෂත්වයකි.

මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) ටී. එම්. ඩබ්ලිව්. චන්ද්‍රකුමාර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ව්‍යවසායකත්ව බැංකු කටයුතු) වික්‍රම නාරායන සහ අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන යන මහත්වරුන්, විධායක කළමනාකාරිත්වය, බැංකු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment