ඉන්දියාව සඳහා හොඳම රෝමිං පැකේජ දැන් එයාර්ටෙල් ලංකා වෙතින්

95

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා විසින් ඉන්දියාව සඳහා නවතම එයාර්ටෙල් රෝමිං පැකේජ හඳුන්වාදී ඇත- මෙම නවතම පැකේජ හරහා අසල්වැසි ඉන්දියාව වෙත සංචාරය කරන පරිශීලකයින්ට ගෙවන මුදලට වැඩි වටිනාකමක් සහ ඉතිරියක් ලබා දෙය.

මේ පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් ලංකා කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී අශීෂ් චන්ද්‍රා මහතා පැවසුවේ “අපගේ පරිශීලකයින් ‍ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පුරා කොතැනක සිටියත් ඔවුන්ට සුවිශේෂී වටිනාකමක් සමඟ අසීමිත සම්බන්ධතාවක් භුක්ති විඳීම සහතික කිරීමට එයාර්ටෙල් අරමුණු කරගෙන සිටිනවා. අපගේ බොහෝ පරිශීලකයින් ඉන්දියාවට නිතර සංචාරය කරන බව අපි දැක තිබෙනවා. ඉන්දියාව සඳහා හඳුන්වා දෙනු ලබන අපගේ නවතම එයාර්ටෙල් රෝමිං පැකේජ සමඟින් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සිටින අපගේ පරිශීලකයින්ට උසස් තත්වයේ සම්බන්ධතාවයක් සහ ප්‍රතිලාභ අඛණ්ඩව ලබා දීමට අපේක්ෂා කරනවා.

advertistmentadvertistment
advertistmentadvertistment