‘සම්පත් සිරිත’ උත්සව සමයට අසමසම වට්ටම් සමඟින් ප්‍රතිලාභ ලබා දෙයි

74
සම්පත් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී - කාඩ් මධ්‍යස්ථාන, ශිරාන් කොස්සින්න

සෑම උත්සව සමයකදීම සම්පත්කාඩ් හිමියන් වෙත විශේෂ වට්ටම් යටතේ භාණ්ඩ හා සේවා සපයා ගැනීමේ පහසුකම ලබා දෙන සම්පත් කාඩ්ස් මෙවර උත්සව සමයේදීද තෝරාගත් අලෙවිසැල් මඟින් ලබා ගන්නා ඇඳුම් පැළඳුම් සඳහා 25%ක් දක්වාද, ආභරණ සඳහා 50%ක් දක්වා වට්ටම් සමඟින් පොලී රහිත පහසු ගෙවීමේ අවස්ථාව උදාකර දී ඇත්තේ අලුත් ඇඳුමක් මිලදී ගැනීමේ සිරිත, ‘සම්පත් සිරිත’ සමඟ එක් කරමිනි.

සමඟ නව වසරේ සතුට ඔවුන් වෙත තිලිණ කරමිනි. තවද සම්පත්කාඩ්ස් සමඟ කටයුතු කරන අලෙවිසැල් තුළින් මිලදී ගන්නා පාවහන් සඳහා 25%ක් දක්වාද, අත් ඔරලෝසු, සුවඳ විලවුන් හා රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා 30%ක් දක්වාද, කුඩා දරුවන් හා ළමයින්ගේ ඇඳුම් සහ තෑගි භාණ්ඩ සඳහා 25%ක් දක්වාද වට්ටම් හිමි කර දීමට කටයුතු කර ඇති සම්පත් කාඩ්ස් පොත් පත් සඳහා 30%ක් දක්වා වට්ටම්ද, ගෘහ හා විදුලි උපකරණ මිලදී ගැනීමේදී මාස 40ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ අවස්ථාවද මේ උත්සව සමයේදී සිය කාඩ්පත් හිමියන් වෙනුවෙන් උදා කර දී ඇත.

තවද සුපිරි වෙළෙඳසැල් තුළින් භාණ්ඩ මිලදී ගැනීමේදී 30%ක් දක්වා වට්ටම් හිමි කරදීමට කටයුතු යොදා ඇති සම්පත්කාඩ්ස් ඇස් කණ්ණාඩි හා ශ්‍රවණාධාර මිලදී ගැනීමේදී 50%ක් දක්වා වට්ටම්ද හිමි කර දීමටද සූදානම්ව සිටියි. ඊට අමතරව රථවාහන සේවා, අධ්‍යාපන, රෝහල් හා රක්ෂණ ගෙවීම් සඳහා පහසු ගෙවීමේ සැලසුම් ලබා ගැනීමේ අවස්ථාවද මේ උත්සව සමයේදී කාඩ්පත් හිමියන් හට උදාකර ගත හැකිය.

උත්සව සමයේදී සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් ප්‍රතිලාභ ලබා දීම පුරුද්දක් බවට පත් කරගෙන සිටින සම්පත් කාඩ්ස් එය සිරිතක් ලෙස ඉදිරියට ගෙන යමින් මේ වසරේදීද සිය ගනුදෙනුකරුවන් හට සහනයක් සලසාදීමට කටයුතු කිරීම පිළිබඳව අදහස් දැක්වූ සම්පත් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී – කාඩ් මධ්‍යස්ථාන, ශිරාන් කොස්සින්න මහතා “සෑම විටම වගකීමක් ඇති තේරීමක් බවට පත් වෙමින් ගනුදෙනුකරුවන් වෙත අවශ්‍යම මොහොතේ ප්‍රතිලාභ හිමි කර දීමට කටයුතු කරන සම්පත්කාඩ්ස් මෙවර සිංහල – දෙමළ අලුත් අවුරුදු සමයේදීත් ඒ අවස්ථාව ඔවුන් වෙත ලබා දීමට කටයුතු කර තිබෙන බව සතුටින් දැනුම් දීමට කැමතියි. මින් පෙර වසරවලට වඩා වැඩි හවුල්කාර අලෙවිසැල් ජාලයක් තුළින් අපගේ කාඩ්පත් හිමියන්ට භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී මෙන්ම ආදරණීයයන් සමඟ සතුට බෙදා හදා ගැනීමේදී රිසි සේ කටයුතු කිරීමේ අවස්ථාව උදා කර දී ඇති අප ඔවුන්ගේ විශ්වසනීය මිතුරකු බවට පත්ව ඇති බව අපගේ විශ්වාසයයි. අවුරුදු සමයේ අප ගනුදෙනුකරුවන් හට මුල් තැන ලබා දෙමින් අසමසම වට්ටම් සහ දීමනා ලබා දීමේ වගකීම වසරක් පාසා ඉටුකර දීම නිසාම එය ‘සම්පත් සිරිත’ බවට පත්ව ඇති බව අපට වැටහුණා. එම නිසා සම්පත් කාඩ්ස් වෙතින් ගෙනෙන ‘සම්පත් සිරිත’ අවුරුදු සිරිත් ගොන්නට එක්වනු ඇතැයි අප විශ්වාස කරනවා” යනුවෙන් පවසා සිටින ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment