SLT-MOBITEL cloud දත්ත ගබඩා විසඳුම දැන් Eazy Storage’ නමින්

115

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි ක්ලවුඞ් ගබඩා සේවාව (Cloud storage service) මේ වනවිට ‘Eazy Storage’ ලෙස නම් කර තිබේ.

මෙමගින් පාරිභෝගිකයන්ට ක්ලවුඞ් යෙදුම් සඳහා වඩාත් ශක්තිමත් හා නවීන අතුරු මුහුණතක් හිමි වනු ඇත.
Eazy Storage මගින් SLT-MOBITEL Broadband පාරිභෝගිකයන්ට ලැබෙන විශේෂ වාසියක් වන්නේ අතිරේක broadband ගාස්තු දැරීමට අවශ්‍ය නොවීමයි. එහි විශේෂත්වය වන්නේ, මේ දක්වා කිසිදු තරගකාරී නිෂ්පාදනයක් එවැනි පහසුකමක් ලබාදී නොතිබීම යි. පහසුවෙන් භාවිතා කිරීමට මෙන්ම, ජංගම යෙදුම් හා වෙබ් අතුරු මුහුණත් හරහා පහසුවෙන් පිවිසීමට හැකි වන ආකාරයට නිර්මාණය කර ඇති Eazy Storage, SLT-MBOITEL හි පරිපූර්ණ cloud storage” file sync සහ sharing විසඳුම ලෙස හැඳින්විය හැක. මේ ඔස්සේ පාරිභෝගිකයන්ට තම සියලූ‍ම ගොනු, ඡායාරූප, පණිවිඩ, සම්බන්ධතා සහ ලිපිලේඛන ආදිය වෙනත් ඕනෑම ස්ථානයක පිහිටි ඕනෑම උපාංගයක් සමග ක්ෂණිකව හුවමාරු කරගැනීමට අවස්ථාව ලැබේ.

මාසික Eazy Storage ගාස්තුව ගෙවීම සඳහා පොදු බිල්පත් ගෙවීම් පදනම භාවිතා කළ හැකි වීම, පාරිභෝගිකයන්ට ලැබෙන තවත් පහසුවකි. බලසම්පන්න on-server සහ end-to-end encryption ක‍්‍රමවේදයන් ඔස්සේ සියලූ‍ම ලිපිගොනු වල ආරක්ෂාව තහවුරු කර ඇති අතර, SLT-MOBITEL සතු අති නවීන දත්ත මධ්‍යස්ථාන තුළ මෙම සේවාව Host කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment