කාගිල්ස් සිලෝන් පීඑල්සී හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන කාගිල්ස් කන්වීනියන්ට් ෆුඩ්ස් ලිමිටඩ් සිය අති නවීන තත්වයේ නව නිෂ්පාදනාගාරය 2024 මාර්තු 13 දින විවෘත කළ බව නිවේදනය කර සිටියි.

ආසන්න වශයෙන් රුපියල් මිලියන 550 ක් වූ මෙම සුවිශේෂී ආයෝජනය දේශීය ආර්ථිකයේ වර්ධනයටත් විදේශීය වෙළඳපළ පුළුල් කිරීම සඳහාත් වන සමාගමේ කැපවීම අවධාරණය කරන්නකි.

Goldi, Sams සහ Cargills Finest වැනි කීර්තිමත් සන්නාමයන් සඳහා විශේෂත්වයක් උසුලන කාගිල්ස් කන්වීනියන්ට්, දේශීය ආහාර කර්මාන්තයේ නවෝත්පාදනය මෙන්ම එහි ගුණාත්මකභාවයද සුරකින සමාගමකි. නව නිෂ්පාදනාගාරය මගින් නවීන වෙළඳාම(Modern trade) සාමාන්‍ය වෙළදාම (General trade) සහ HORECA අංශය (ආගන්තුක සත්කාර සේවා, අවන්හල් සේවා, කේටරින් සේවා) තුළින් දේශීය පාරිභෝගිකයින්ට සේවා සැපයීමේ හැකියාව වැඩිදියුණු කරන අතර විශේෂයෙන්ම අපනයන වෙළඳපොළවල වර්ධනය වන ඉල්ලු‍ම සපුරාලීම සඳහා සමාගමේ ධාරිතාවය ශක්තිමත් කිරීමටද එය ඉවහල් වනු ඇත.

ඒ අනුව දැන් සමාගම සතු මස් සැකසීමේ පහසුකම් ස්ථාන දෙකකි .ඒවා ජා ඇල ප්‍රදේශයේ එකිනෙකට යාබදව පිහිටා ඇත. ඒවා සතුව පවතින යන්ත්‍රාගාරයන් වැඩිදියුණු කළ සැකසුම් හැකියාවන්ගෙන් සමන්විත වන අතර මධ්‍ය පිරවුම් හැකියාවන් සහිත එක්ව බැඳුණු අංශයන්ගෙන් ද සමන්විතය. තවද මෙම අති නවීන නව නිෂ්පාදනාගාරය සඳහා ආහාර සුරක්ෂිතතාවය ,තත්ව කළමනාකරණය සහ පාරිසරික කළමනාකරණය සඳහා වන සියලු‍ම පිළිගත් ජාත්‍යන්තර සහ දේශීය තත්ව සහතික ද ලබා ඇත. මෙම විශිෂ්ට නිෂ්පාදනාගාරය මගින් තහවුරු කෙරෙන්නේ කාගිල්ස් කන්වීනියන්ට් ෆුඩ්ස්, සිය නිෂ්පාදන ක්‍රියාවලිය පුරාම නිවැරදි ආරක්ෂිත සහ තිරසර පරිචයන් සුරකිමින් ඉහළම තත්වයේ නිෂ්පාදන පාරිභෝගිකයින්ට පිරිනමන බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment