අඩුබර පාන් විකිණූ බේකරි 100 කට නඩු

69

පාන්වල නියමිත බර සඳහා වූ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දිවයින පුරා පෙරේදා (06දා) සිට වැටලීම් ආරම්භ කිරීමෙන් පසු නියමිත බර ප්‍රමාණය නොමැති පාන් අලෙවි කළ බේකරි 100 කට අධික ප්‍රමාණයකට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර තිබේ.

මෙම හෝටල් බොහොමයකම පාන්වල මිල ප්‍රදර්ශනය කර නොතිබූ බව ද එම අධිකාරියේ නිලධාරියෙක් ‘දිවයින’ ට ඊයේ (07දා) පැවසීය. දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම නියෝජනය වන පරිදි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් යොදවා අදාළ බේකරි පරීක්‍ෂාවට ලක් කරන බව ද හෙතෙම කීය. පාන් අලෙවි කරනු ලබන බේකරි වල තරාදියක් ද තිබීම අනිවාර්ය බව ද හෙතෙම කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment