අයි.එම්.එෆ්. මුදල් ගන්න නම් සහතිකයක් ඉල්ලයි

40

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය දක්වන වැඩසටහනකට එහි විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා ණය තිරසාර බව ඇති කරගන්නා බවට ප්‍රමාණවත් සහතිකයක් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තිරසාර නොවන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනටමත් තක්සේරු කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග පැවැත්වූ පළමු වටයේ මාර්ගගත සාකච්ඡා ඉකුත් මැයි 24 දින අවසන් කළ අතර ඒ සම්බන්ධයෙන් මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම පෙරේදා (26 දා) නිවේදනයක් නිකුත් කළේය.

එහි මෙසේ ද සඳහන් වේ.

අයි.එම්.එෆ්. සාකච්ඡාවලින් පසු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන මූලික සොයාගැනීම් මෙහි ඉදිරිපත් කර ඇත. ඡැඑැර ඊරුමැර මහතා සහ ඵ්ි්යසරද භද‘්නස මහතාගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF‍) කණ්ඩායමක් මැයි 9-24 දක්වා කාලයේ දී ශ්‍රී ලංකා බලධාරීන් සමඟ අයි.එම්.එෆ්. ණය දීමේ විධිවිධානයකින් සහය විය හැකි ආර්ථික වැඩසටහනක් ගැන සාකච්ඡා පැවැත්වීය. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන ප්‍රමුඛ නියෝජිත කණ්ඩායම සමඟ පැවැති තාක්ෂණික සාකච්ඡාවලින් අනතුරුව අයි.එම්.එෆ්. කණ්ඩායම සමාප්ති රැස්වීමේදී මාර්ගගතව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. එසේම එම කණ්ඩායම පෞද්ගලික අංශයේ නියෝජිතයන්, මූල්‍ය අංශය සහ සංවර්ධන හවුල්කරුවන් ද හමුවිය. සාකච්ඡා අවසානයේ දී අයි.එම්.එෆ්. කණ්ඩායම පහත ප්‍රකාශය නිකුත් කළේය.

“ශ්‍රී ලංකාව දුෂ්කර ආර්ථික තත්ත්වයන්ට සහ දැඩි ගෙවුම් ශේෂ ගැටලුවලට මුහුණ දී සිටී. මෑතකාලීන ආර්ථික දර්ශකවලින් පෙනී යන්නේ ඉන්ධන සහ විදුලි හිඟය හේතුවෙන් ආර්ථික ක්‍රියාකාරකම් ඍණාත්මක ලෙස බලපා ඇති බවයි. ගෝලීය ආහාර හා තෙල් මිල ඉහළ යෑම ගෙවුම් ශේෂ පීඩනයට තවදුරටත් එකතු වී තිබේ. භාණ්ඩ හිඟය, ඉන්ධන මිල ඉහළ යෑම සහ මුදල් අවප්‍රමාණය වීම ඇතුළු බොහෝ සාධක මගින් උද්ධමනය වේගවත් වී ඇත. මෙම සන්දර්භය තුළ, පවතින අර්බුදකාරී තත්ත්වය ජනතාවට, විශේෂයෙන්ම දිළිඳු සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට ඇති කරන බලපෑම පිළිබඳව අපි දැඩි කනස්සල්ලට පත්ව සිටිමු.

“සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පුළුල් ප්‍රතිසංස්කරණ පැකේජයක් පිළිබඳ අයි.එම්.එෆ්. කණ්ඩායම තාක්ෂණික සාකච්ඡා පැවැත්විය. ආර්ථික තත්ත්වය තක්සේරු කිරීමේදී සහ ඉදිරියට ගත යුතු ප්‍රතිපත්ති ප්‍රමුඛතා හඳුනාගැනීමේදී කණ්ඩායම හොඳ ප්‍රගතියක් ලබා ඇත. අවදානමට ලක්විය හැකි සහ දුප්පතුන් ආරක්ෂා කරමින් මූල්‍ය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම කෙරෙහි සාකච්ඡාවල අවධානය යොමු විය. මුදල් ප්‍රතිපත්ති සහ විනිමය අනුපාත පාලන ක්‍රමවල විශ්වසනීයත්වය සහතික කිරීම, මූල්‍ය අංශයේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සහ වර්ධනය වැඩිදියුණු කිරීමට සහ පාලනය ශක්තිමත් කිරීමට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවධානය යොමු වූ අතර මෙම සාකච්ඡා බලධාරීන්ට ඔවුන්ගේ ප්‍රතිසංස්කරණ වැඩසටහන සකස් කිරීමට උපකාරී වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

රාජ්‍ය ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වැදගත් පියවරක් ලෙස ඔවුන්ගේ ණය හිමියන් සමඟ සහයෝගී සංවාදයක යෙදීම සඳහා මූල්‍ය හා නීති උපදේශකයන් පත් කිරීම කණ්ඩායම විසින් සාදරයෙන් පිළිගන්නා ලදී. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තිරසාර නොවන ලෙස තක්සේරු කර ඇති බැවින්, ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය දක්වන වැඩසටහනකට විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා ණය තිරසාර බව ප්‍රතිෂ්ඨාපනය කරන බවට ප්‍රමාණවත් සහතිකයක් අවශ්‍ය වේ.

අයි.එම්.එෆ්. කාර්ය මණ්ඩලය, ආර්ථික හා දේශපාලන තත්ත්වය ඉතා සමීපව අධීක්ෂණය කරන අතර අයි.එම්.එෆ්. සහාය දක්වන වැඩසටහනක් යටතේ සංයුක්ත පියවරයන් සැකසීමට බලධාරීන් සමඟ මෙන්ම අර්බුදය කාලෝචිත ලෙස විසඳීමට සහාය වීම සඳහා පුළුල් පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධ වනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට අපගේ කැපවීම අපි යළිත් තහවුරු කරමු. දූත මෙහෙවර තුළ අයි.එම්.එෆ්. කාර්ය මණ්ඩලය ඔවුන්ගේ ඵලදායී නියැළීම සහ සහයෝගය සඳහා බලධාරීන්ට ඔවුන්ගේ කෘතඥතාව පළ කරති.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment