නිහාල් ෆොන්සේකා මුදල් මණ්ඩලයට

526

වෘත්තීය බැංකුකරුවකු වන නිහාල් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ එකඟතාව ලබා දී ඇත.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (26දා) රැස්වූ පාර්ලිමේන්තු සභාවේදී මේ තීරණය ගෙන තිබේ.

මෙම රැස්වීමට අගමැති රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, හා විපක්‍ෂ මන්ත්‍රී කබීර් හෂීම් යන මහත්වරු ද සහභාගි වූහ.

නිහාල් ෆොන්සේකා මහතා මීට පෙර ද වර්ෂ 2016 දී ශ්‍ර්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයකු ලෙස කටයුතු කර ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment