විනිසුරු වැටුපින් බදු අය කිරීමේ පෙත්සමට අද දුන් නියෝගය

298


විනිසුරුවරුන්ගේ වැටුප් වලින් උපයන විට ගෙවීමේ බද්ද අය කිරීම වළක්වාලමින් පනවා ඇති තහනම් නියෝගය ලබන 16 වනදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කර තිබේ.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය ලබාදී ඇත.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය විසින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment