පාලකයින්ගේ ආර්ථික ත්‍රස්තවාදයෙන් රට බේරාගැනීමට මානුෂීය මෙහෙයුමක් අවශ්‍යයි

45

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කෑගල්ලේ රණවිරු සමුළුවට එක්වෙමින් පවසයි

රණවිරුවන් විසින් ත්‍රස්වාදයෙන් මුදාගත් රට මේ වන විට දේශපාලඥයින්ගේ ආර්ථික ත්‍රස්වාදයට යටවී ඇති බවත් ඉන් රට බේරාගැනීමට නැවත වරක් මානුෂීය මෙහෙයුමක් අවශ්‍යව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒමහතා මේබව පැවසූවේ ඉකුත් 28 වැනිදා කෑගල්ලේදී පැවති රණවිරු සමුළුවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය.

රටේ සුපිරි ධනවතුන් කෝටිපතියන් 1212ක කෝටියකට වඩා බදු පැහැර හැර ඇතිබ ව හෙළිවී තිබෙනවා.නමුත් වැට් බදු වැඩි කිරීම නිසා සාමාන්‍ය ජනතාව ලක්ෂ 03කට වැඩි පිරිසක් මාසිකව වැට් බදු ගෙවනවා. මහජන සහ ලංකා බැංකුවෙන් ඇප නොමැතිව ණය ගත් සුපිරි කෝටිපති ආයතන ණය නොගෙවා රටට විශාල පාඩුවක් කර ගජමිතුර දේශපාලනඥයන් හරහා ඔවුනට වාසිදායක ගිවිසුම් සකස් කරමින් ණය පැහැර හරිමින් සිටිනවා. පරාටේ නීතිය ගෙනවිත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ පුද්ගලික දේපල වෙන්දේසි කරනවා. මේ තත්ත්වය නතර කළ යුතුයි.

රටේ ජනතාව මිනීමරු ත්‍රස්තවාදයෙන් මුදවා ඇස් ඉස් මස් ලේ රට දැය වෙනුවෙන් පූජා කර ත්‍රස්තවාදය මුලින් උපුටා දැමීමට ඉටුකළ දැවැන්ත අමරණීය සේවාව සමගි ජන බලවේගය කිසිදා අමතක කරන්නේ නැහැ. එසේ මුදා ගත් රටේ නායකයෝ ක්‍රියාත්මක කළ ආර්ථික ත්‍රස්තවාදයෙන් මහබැංකු අරමුදල් පිට් පොකට් ගැසුවා.

ත්‍රස්තවාදයෙන් මුදාගත් රට දේශපාලන නායකයන්ගෙන් ආර්ථික ත්‍රස්තවාදයට යටවෙලා. දූෂිත විනාශකාරී අල්ලස හොරකම ක්‍රියාත්මක කරමින් යන මේ ආර්ථික ත්‍රස්තවාදය මුලින් උපුටා දමන්න සුවිශේෂී කාර්යභාරයක් රණවිරුවන්ට ඇත. ඒ සඳහා නැවතත් වරක් රටට මානුෂීය මෙහෙයුමක් අවශ්‍යයි. ඒතුළින් හොරකම වංචාව තුරන් කර රටේ සම්පත් රටේ දියුණුවට යොදා ගෙන සෞභාග්‍යය සම්පන්න රටක් නිර්මාණය කිරීමට එක්වන ලෙස ඉල්ලා සිටිනවා.

රටේ බදු බර වැඩි කර අසාධාරණ යුගයක් නිර්මාණය කරලා. මේ නිසා ලක්ෂ 220 ජනතාවට වන්දි ගෙවීමට සිදුව තිබේ. ආර්ථික ත්‍රස්තවාදීන් රටේ අයිතිය සින්නක්කරවම තමන්ට ලියා ගෙන රාජ්‍ය දේපල අවභාවිත කිරීම නිසා මේ තත්ත්වය ඇතිව තිබෙනවා. ජනතාව තමන්ගෙ ප්‍රජාතන්ත්‍රීය අයිතිය ක්‍රියාත්මක කිරීමේදී රජය රාජ්‍ය කේන්ද්‍රීය

ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරනවා. රටේ ජනතාව වෙනුවෙන් සමගි ජන බලවේගය 30 වැනිදා මහපාරට බහිනවා. එය ආරංචි වී බිය වී 04 වැනිදා පැවැත්වෙන නිදහස් උත්සවය නිමිත්තෙන් මේ මොහොතේ සිටම නව ට්‍රැෆික් සැලසුම් සකස් කර ප්‍රජාතන්ත්‍රීය අයිතිය නැති කිරීමට රජය කටයුතු කරනවා. මහ පාරට බැස අයිතිය වෙනුවෙන් කතා කිරිම මුලික අයිතියකි. එය නැති කරන්න ජනපතිවරයාට පවා නොහැකියි. එනිසා 30 වැනිදා සමගි ජන බලවේගය මහපාට බසිනවා. කුමන බාධක පැමිණියත් එය සිදු කරනවා. එම අයිතිය උල්ලංඝනය කලහොත් සමගි ජනබලවේග රජයක් තුළ නෛතික ක්‍රියාමාර්ග ගන්නවා.

මේ රජය ජනතාවගේ තොරතුරු වසන් කරන නෛතික ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. මාර්ගගත සුරක්ෂිතභාවය යනුවෙන් පනත් ගෙන විත් ඇති නිසා රට ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත් කරලා. මේ ඒකාධිපති ආඥාදායක හිට්ලර් පාලනය රටට ලැබෙන ආයෝජන පවා නැති කරමින් සිටිනවා.

වැල් පාලමෙන් ජනතාව සහ රට ගොඩ ගන්නවා වෙනුවට තමන්ගේ හිතමිතුරන් වැල් පාලමෙන් ගොඩ දමා තිබෙනවා. සිංගප්පූරුවක් කරන බව පැවසුවත් එය ජනතාවට නොව ආණ්ඩුවට පමණක් සීමා වී තිබේ. වරායේ ඇති රාජ්‍ය නාවුක යාත්‍රා උපයෝගී කර ගෙන මුහුද මැදට ගොස් සාද පවත්වමින් ජනතාව හොරු රකිමින් සිටිනවා. මෙවැනි හොරුන් සමග සමගි ජන බලවේගයට සම්බන්ධතා නොමැති නිසා අගමැතිකම් ජනපතිකම් බාර ගන්නේ නැහැ. ජනතා වරමින් පමණක් එම තනතුරු භාර ගන්නවා. රජය ලහිලහියේ රණවිරු කප්පාදුවකට සැරසෙනවා. එය සිදු කරන්නෙ රණවිරුවන්ගේ අනාගතය ගැන නොසිතා. එසේ සිදු කිරීමට එරෙහිව සමගි ජන බලවේගය විරුද්ධයි.

මේ අවස්ථාවේදී සමගි ජන බලවේග කැගලු‍ රණවිරු සමුළුවේදී උතුරු පළාත් ආඥාපති අද්මිරාල් ඩී.එම්.එස්. දිසානායක, බටහිර ප්‍රදේශ ආඥාපති අද්මිරාල් එන්.කේ.ඩී. නානායක්කාර, අධ්‍යක්ෂ ජනරාල් සෞඛය සර්ජන් (වෛද්‍ය) අද්මිරාල් ජී.එස්.ආර්. ජයවර්ධන, දකුණු ආඥාපති අද්මිරාල් හරේන්ද්‍ර ඒකනායක, ආඥාපති වයඹ පළාත් අද්මිරාල් ඩී.එන්.එම්.එල්.ඒ. දිසානායක සහ ඊසාන දිශා ආඥාපති මහින්ද මහවත්ත යන හමුදාවේ ඉහළ නිලධාරින් රැසක් සමගි ජන බලවේග රණවිරු සමුළුව හා එක්වූහ.

කෑගල්ල – එම්.බී. පහළවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment