ඔන්ලයින් පනතට අත්සන් තැබීමට පෙර කථානායක දෙවරක් සිතා බැලිය යුතුයි – ජී. එල්. පීරිස්

62

ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රවාදය මුළුමනින්ම යටපත් කරමින් ආණ්ඩුව මාර්ගගත ආරක්‍ෂණ පනත ලහි ලහියේ පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත් බවත් එයට කථානායකවරයා අත්සන් කිරීමට පෙර දෙවරක් සිතා බැලිය යුතු බවත් නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

මෙම පනත සම්මත කර ගැනීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනි බවද නිදහස් ජනතා සභාවේ කොළඹ පිහිටි කාර්යාලයේදී ඊයේ (29 දා) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේය.

මෙම පනත සම්මත කර ගැනීමේදී කථානායකරවයාගේ ක්‍රියා කලාපය ගැන සැකයක් මතුවන බව කී ඒ මහතා මැතිවරණය ඉලක්ක කර ගනිමින් මෙවැනි පනත් ගෙන එන්නේ ආණ්ඩුවේ මතය සමාජගත කිරීමේ පටු දේශපාලන අරමුණු මුල්කරගෙන බවද පැවසීය. සමගි සන්ධාන ආණ්ඩුවක් යටතේ මෙම පනත අහෝසි කොට මාර්ග ගත ආරක්‍ෂණ පනත වෙනුවට තුලනාත්මක පනතක් ගෙන එන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment