අනාගත ක්‍රිකට් තරු 185ක් පායති

215

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංවර්ධන ‘ගමන් මග’ වැඩසටහනේ ‘ක්‍රිකට් ගමට’ සංකල්පය යටතේ අනාගත ක්‍රිකට් තරු සොයා ගමින් ගමට යන කුසලතා ගවේෂණ වැඩසටහන පසුගිය සැප්තැම්බර් 18 වෙනිදා පොලොන්නරුව රාජකීය විදුහල් ක්‍රීඩාංගනයෙන් ආරම්භ විය. සහජ දක්ෂතාවයෙන් යුත් ඕනෑම ක්‍රීඩකයකුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව සලසා දීම අරමුණු කරගත් මෙම වැඩසටහන යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 185 දෙනකු තෝරාගත් තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා ඇතුළු විධායක කමිටුවේ සංකල්පයක් අනුව දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ආවරණය කරමින් ගමින් ගමට යන මෙම දක්ෂතා ගවේෂණ ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත නොවන පාසල්වල, ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි දරු දැරියන්ගේ දක්ෂතා හඳුනාගැනීම වේ.

උතුරු මැද පළාත් ක්‍රිකට් සංගමයේ අධීක්ෂණය යටතේ පොලොන්නරුව දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය විසින් මෙහෙයවන ලද මෙම සමාරම්භක වැඩසටහන, ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

advertistmentadvertistment
advertistmentadvertistment