ලංකා ෆයිට් ලීග් තරගාවලිය අද

51

ශ්‍රී ලංකා බොක්සින් සංගමය සහ ලංකා ෆයිට් ලීගය එක්ව පළමු වරට සංවිධානය කරන ලංකා ෆයිට් ලීග් බොක්සින් තරගාවලිය අද (27 වැනිදා) සවස 5.30 සිට මාස් රෝයල් අරේනා පරිශ්‍රයේදී පැවැත්වෙයි.

මෙහිදී තරග 9ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 18ක් තරග වදිති. ඒ අනුව පිරිමි අංශයේ තරග 6 ක් පැවැත්වෙන අතර ඒ යටතේ තරගකරුවෝ 12ක් තරග බිමට පිවිසෙති. කාන්තා අංශයේ තරග 3ක් යටතේ තරගකාරියෝ 6 දෙනෙක් තරග වදිති. පිරිමි කිලෝ ග්‍රෑම් 48 බර පන්තිය යටතේ එච්.එම්.එල්.පී. ජයවර්ධන සහ ඩී.එච්. තිසේරාආරච්චි තරග වදිති. කිලෝ ග්‍රෑම් 54 බර පන්තිය යටතේ ආර්.එම්.පී. ධර්මසේන සහ කේ.වී.එල්. එරන්දත්, කිලෝ ග්‍රෑම් 57 බර පන්තිය යටතේ පී.ඒ.ආර්. ප්‍රසන්න සහ පී.ජී.ඊ. මධුෂාන්ත් තරග බිමට පිවිසෙති. කිලෝ ග්‍රෑම් 67 බර පන්තිය යටතේ පී.එස්.පී.එස්. ප්‍රනාන්දු සහ ඒ.එම්.ටී.එස්. අධිකාරිත් කිලෝ ග්‍රෑම් 75 බර පන්තිය යටතේ කේ.ජී. පත්මසිරි සහ ඩබ්ලිව්. එම්. ආරියරත්නත් තරග වැදීමට නියමිතය.

කාන්තා කිලෝ ග්‍රෑම් 48 බර පන්තිය යටතේ එච්.කේ.එන්. පෙරේරා සහ එස්.වී. රත්නප්පුලි තරග වදින අතර කාන්තා කිලෝ ග්‍රෑම් 54 බර පන්තිය යටතේ එල්.අයි.එන්. මල්ෂානි සහ ආර්.එම්.වයි. මැණිකේ තරග වදිති. කිලෝ ග්‍රෑම් 57 බර පන්තිය යටතේ කේ.කේ.අයි.ටී. පෙරේරා සහ ජී.ඩබ්ලිව් තාරුකා තරග වැදීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment