13 ඉන්දියාව අපට බලෙන් පැටවූවක් – නාරංපනාවේ ආනන්ද නාහිමි

220

උතුරේ ජනතාවට ඇත්තේ දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ වුවමනාවක් නොවන බව දේශපාලන වගකිය යුත්තන් ගැඹුරෙන් තේරුම් ගත යුතු බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී,

අස්ගිරි පරිවේණාධිපති පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමියෝ පවසති.

දකුණේ ජනතාවට ඇති ආර්ථික, අධ්‍යාපන හා සෞඛ්‍ය ආදී පොදු අවශ්‍යතා පිළිබඳ අවශ්‍යතාවය උතුරේ ජනතාවට ඇති බවට වන යථාර්ථය රටේ සමස්ත ගැටලුවක් බව පොදුවේ සියල්ලන් ම තේරුම් ගත යුතු බව උන්වහන්සේ නිවේදනයක් නිකුත් කරමින් පවසති.

දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනපති ජේ. ආර්. ජයවර්ධන පාලන සමයේ ඉන්දියානු රජය විසින් අප රටට බලහත්කාරයෙන් ලබා දුන්නක් මිස මේ රටේ ජනතා අවශ්‍යතාව උදෙසා ස්ථාපිත කළ එකක් නොවන බවත් උන්වහන්සේ ප්‍රකාශ කරති.

මේ වන විටත් උතුරු නැගෙනහිර සිංහල ජනතාවට සිදුවන විවිධ අසාධාරණකම් පිළිබඳ කිසිවෙක් කතා නොකරයි. නැගෙනහිර පළාතේ බුද්ධශාසන අමාත්‍යාංශය මඟින් අනුමත කළ විහාරස්ථානවල පවා ඉදිකිරීම් නවත්වන ලෙස එම ප්‍රදේශයේ ද්‍රවිඩ දේශපාලන නායකයින්ගේ බලපෑම් මත නිලධාරීන් ක්‍රියාත්මක වී ඇති අයුරු පසුගියදා දක්නට ලැබිණි. එවන් පසුබිමක් තුළ 13+ ක්‍රියාත්මක කළහොත් සිදුවන තත්ත්වය කාටත් කිසිදු අපහසුවකින් තොරව තේරම් ගැනීමට පුළුවන.
සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment