ශ්‍රීලනිප ජනහමු මාලාවකට මෛත්‍රී ඇතුළු 3ක් ඇමරිකා යති

50

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (12 දා) අලුයම ඉන්දියාව හරහා ඇමෙරිකාව බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන්තොටුපළ කාර්ය භාර නිලධාරිවරයා සනාථ කළේය.

ඒ මහතා ඊයේ අලුයම 02.50 ට ඉන්දීය ගුවන් සේවයේ ඒ. අයි. – 284 දරන ගුවන් යානයෙන් නවදිල්ලි නුවර වෙත ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යෑමට නියමිතය. මෛත්‍රිපාල සිරිසේන මහතා එම පක්ෂයේ තවත් නිලධාරීන් දෙදෙනකු සමග මෙම ඇමෙරිකානු සංචාරය සඳහා ගොස් තිබේ.

ඔවුන් ඇමරිකාවේදී ශ්‍රී ලාංකිකයන් සහභාගි වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනහමු කීපයක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය අධ්‍යක්ෂ ප්‍රභාත් මාතරගේ මහතා පැවසීය. මෙම ජනහමු මාලාව ලබන 15 වැනිදා සිට ආරම්භ වීමට නියමිත බව ද මාධ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

ගුවන්තොටුපළ – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment