කොළඹ අනාරක්ෂිත ගස් 60 ක් ගැන පැමිණිලි

76

කොළඹ නගර සීමාවේ අනාරක්ෂිත බවට සැක කරන ගස් 60 ක් පිළිබඳ කොළඹ නගර සභාවට පැමිණිලි ලැබී ඇතැයි කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය ඊයේ (11 දා) ‘දිවයින‘ ට පැවසුවාය.

මෙම පැමිණිලි පොලිස් ස්ථාන සහ මහජනතාව මගින් ලැබී ඇතැයි ද ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරමින් සිටින බව ද ඇය කීවාය.

මෙම ගස් සම්බන්ධයෙන් සෙවීමට දැනුම ඇති පිරිස සම්බන්ධ කරගත යුතු නිසා විශ්වවිද්‍යාල කොමිසම මගින් ඊට අවශ්‍ය සුදුසු පිරිස කවුරන් ද? කුමන විශ්වවිද්‍යාලයෙන් සම්බන්ධ කරගත යුතු ද යන්න විමසීමක් කිරීමට කටයුතු කරමින් සිටින බව ද ඇය කීවාය.

කොල්ලුපිටිය ප්‍රදේශයේදී බසයක් මතට ගසක් වැටී පස්දෙනකු මියයෑමෙන් පසු කොළඹ මහ නගර සභාවේ මැදිහත්වීමෙන් විශේෂඥයන් සමග සාකච්ඡාවක් පැවැත්වූ බවත්, එහිදී ඇති කරගත් එකඟතාවන් අනුව කටයුතු කිරීමට කොළඹ මහ නගර සභා නිලධාරීන් කටයුතු කරගෙන යන බවත් ඇය වැඩිදුරටත් කීවාය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment