‘දිවයින’ නියෝජ්‍ය කර්තෘ අකිතගේ මාමණ්ඩියගේ අවසන් කටයුතු හෙට

33

පානදුර, වාද්දුව විසූ පියදාස මල්වත්ත මහතා ඊයේ (10 වැනිදා) හදිසියේ අභාවප්‍රාප්ත විය.

නැසීගිය පාඨශාලාචාරිනී ශ්‍රීමති ප්‍රේමලතා ලියනගේ මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයාද වූ ඒ මහතා මියයන විට 87 වැනි වියේ පසුවිය.

ව්‍යාපාරික කටයුතුවල නිරත වූ ඒ මහතා ප්‍රගීත් මල්වත්ත (පුතා – කැනඩාව), ප්‍රසාදි මධුෂිකා මල්වත්ත (දියණිය -කළුතර රෝහලේ හෙද නිලධාරිනි), මධුෂා මල්වත්ත (දියණිය), ප්‍රසාදිකා මල්වත්ත (දියණිය – මොරටුව මෙඩි හෙල්ෆ්) යන දූදරුවන්ගේ පියාණන්ද විය.

ඒ මහතාගේ දේහය දැනට පානදුර, නල්ලුරුව ලක්සිරි මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (12 වැනිදා සිකුරාදා) සවස වාද්දුව, වේරගම ආදාහනාගාරයේ දී සිදු කිරීමට නියමිතය.

අභාවප්‍රාප්ත පියදාස මල්වත්ත මහතා ‘දිවයින’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ අකිත පෙරේරා මහතාගේ දයාබර මාමණ්ඩියද වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment