ඉම්රාන් ඛාන්ගේ බිරිඳට බන්ධනාගාරයේදී විෂ ශරීරගතවෙලා

917

පාකිස්තාන තරීක් ඉන්සාෆ් පක්ෂයේ නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ බිරිඳ වන බෂ්රා බිබිට බන්ධනාගාරයේදී විෂ ශරීරගත වීමක් සිදුවී ඇති බවට වාර්තා පළවී තිබේ.

ඒ සම්බන්ධයෙන් බෂ්රා බිබිගේ පෞද්ගලික වෛද්‍යවරයකු වෛද්‍ය පරීක්ෂණයක් පවත්වා ඇතැයි ද පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් එම වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ඇයට කිසිදු විෂ ද්‍රව්‍යයක් ලබාදුන් බවට කිසිදු සාක්ෂියක් හමු නොවූ බවය.

බෂ්රා බිබිගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරී ඇත්තේ මීට මාස 02 කට පමණ පෙර බවද වෛද්‍යවරයා පවසා තිබේ.

සෞඛ්‍ය ගැටලු හේතුවෙන් ඇය අඩුවෙන් ආහාර ගැනීමට පටන් ගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment