රන් වැසිකිළි පෝච්චියේ සොරා හඳුනාගනී

6037

දෙවැනි ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ, වින්ස්ටන් චර්චිල් උපත ලැබූ නිවසේ තිබූ, කැරට් 18 වර්ගයේ රත්තරන්වලින් නිර්මාණය කළ, ඇමෙරිකන් ඩොලර් මිලියන 6 කට වඩා වටිනා වැසිකිළි පෝච්චිය සොරකම් කිරීම සම්බන්ධයෙන් 39 හැවිරිදි ජේම්ස් ෂීම් නමැත්තා වරදකරු වී ඇත.

රත්තරන් වැසිකිළි පෝච්චියේ සොරකම සිදුවී ඇත්තේ 2019 වසරේදීය. මෙම වැසිකිළි පෝච්චිය අසාමාන්‍ය කලා නිර්මාණයකි. එය නිර්මාණය කරනු ලැබ ඇත්තේ මාරියෝ කැටලෙන් නමැති ඉතාලි කලාකරුවා විසිනි. ඒ, ජාත්‍යන්තර කලා නිර්මාණ ප්‍රදර්ශනයක් සඳහාය. එය ඇමෙරිකා යන නමින් නම්කර තිබේ.

මාරියෝ කැටලෙන් රත්තරන් වැසිකිළියක් නිර්මාණය කර ඇත්තේ ඩොලර් දෙසීයක් වියදම් කර ආහාර අනුභව කළත්, ඩොලර් දෙකක් වියදම් කර අනුභව කළත් අවසන් ප්‍රතිඵලය එක යැයි පෙන්වා දීමටය.

ප්‍රදර්ශනයට තබා දින කීපයකින්, වැසිකිළි පෝච්චිය අතුරුදන්වී තිබේ. ඒ සම්බන්ධව සැකපිට පුද්ගලයින් හත් දෙනකුගෙන් ප්‍රශ්න කර තිබූ අතර පිළිගත හැකි සාක්ෂි නොමැතිකමින් ඔවුන් නිදහස් කර තිබුණි.

එම සොරකම සම්බන්ධයෙන් වරදකරු වුණු ජේම්ස් ෂීම්, මේ වනවිටත් වෙනත් සොරකම් සම්බන්ධයෙන් වසර 17 ක සිරදඬුවමක් විඳිමින් සිටී. ෆියිච් වේල්ස් බන්ධනාගාරයේ රඳවා සිටින ඔහු, ඔක්ස්ෆර්ඞ් ක්‍රවුන් කෝට් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment