ගෑස් ඉල්ලා ගෘහණියකගේ විරෝධය

139

”ගෑස් සිලින්ඩරයක් දෙනකම් ලොරිය ඇඟ උඩින් ගියත් නැගිටින්නේ නෑ” කියමින් ඊයේ (15දා) කාන්තාවක් ගෑස් ලොරියේ මඟ හරස් කරමින් බිම වාඩිවී විරෝධතාවක නියැලී සිටියාය.

වාද්දුව, පොතුපිටිය ප‍්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිත මධ්‍යස්ථානයක් ඉදිරිපිට එක්දරු මවක මෙසේ විරෝධතාවේ නිරත වූ අතර එම වෙළෙඳසල ඉදිරිපිට ඊයේ උදෑසන සිට ගෑස් මිලදී ගැනීම සඳහා විශාල පිරිසක් පැමිණ සිටියහ. ඇයද එහි සිටිනු දක්නට ලැබුණි.

ඊයේ පස්වරු 1.30 ට පමණ ගෑස් රැුගත් ලොරිය පැමිණි අතර වෙළෙඳ සලට නිකුත් කළ ගෑස් ප‍්‍රමාණවත් නොවීම හේතුවෙන් එම කාන්තාවට ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට නොහැකි විය.

එහිදී ගෑස් අහිමි වූ පිරිස තරමක් නොසන්සුන්කාරී අන්දමින් හැසිරෙන්නට වූ අතර, ඒ අතර සිටි එම දෙදරු මව ”මට ගෑස් දෙන්නේ නැත්නම් ලොරිය මගේ ඇඟ උඩින්

ගියත් නැගිටින්නේ නෑ” කියමින් ලොරියේ මග හරස් කර බිම වාඩිවූවාය. පැයකට ආසන්න කාලයක් සිදු කළ විරෝධතාව හේතුවෙන් එම පරිශ‍්‍රය තුළ තරමක් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ අතර ගෑස් රැුගත් ලොරි රථය ද පිටව යෑමට නොහැකිව රැුඳී තිබෙනු දක්නට ලැබිණි.

සිද්ධිය සැලවීමත් සමගම වාද්දුව පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණි අතර ගෑස් සිලින්ඩරයක් ලබාදෙන බවට දුන් පොරොන්දුව මත ඇය එම ස්ථානයෙන් නැගී සිටියාය.

පසුව වෙළෙඳසල තුළ සඟවා තිබූ ගෑස් සිලින්ඩරයක් ඇයට ලබාදීමට පොලිසිය කටයුතු කළේය.

ආර්.ඒ.එස්. පේ‍්‍රමතිලක බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment